ඉරාන තානාපති නිල නිවෙසේදී ඉරාන ජනාධිපති රයිසිගේ වියෝවට NPP ශෝකය!

0
474

සටහන – රෂිකා හෙන්නායක

මැයි 21, කොළඹ (LNW): ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව, අද(21) දින පස්වරුවේ ඉරාන තානාපති නිල නිවෙසේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලාංකේය ජනතාව ලෙසත් ජාතික ජන බලවේගය ලෙසත් සිය සාතිශය ශෝකය පළ කර සිටීමට එක්විය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතාද එක්වූ බව පැවසේ.