මහින්දානන්දත් ගෙදරින් කෑම ඉල්ලයි!

Date:

රෂිකා හෙන්නායක මැයි 21, කොළඹ LNW :

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට නිවසින් රැගෙන එනු ලබන ආහාර පාන ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලමින්, බන්ධනාගාරයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.

බන්ධනාගාර ආරංචි පැවසුවේ, ඔහු මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ “එම් ටූ” වාට්ටුවේ තවත් රැඳවියන් 10කට ආසන්න පිරිසක් සමග රඳවා සිටින බවයි.

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ද රඳවා සිටින්නේ එම වාට්ටුවේම බවද වාර්තා වේ. මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසු ඔහුට ද වෙනත් රැඳවියන්ට ලබා දෙන සියලු පහසුකම් ලබාදුන් බව බන්ධනාගාර ආරංචි පැවසුවේය. 

ඒ අනුව ඔහුට ද කොට්ටයක්, පැදුරක්, පිඟනක් සහ කෝපයක් ලබාදී තිබෙන බවද වාර්තා වේ.
ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් ආනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණ අතර, ඒ, හිටපු අමාත්‍යවරයා මෝසමක් ඉදිරිපත් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගිය 19 වනදා පෙනී සිටි අවස්ථාවේදී වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...