Tuesday, May 30, 2023
spot_img

Latest Posts

ලොක්කාගෙන් අපට මොකුත්ම නෑ වගේ – පරණ අලි කළකිරීමෙන්

අලි පාටියේ සීනියර් කට්ටිය කීපදෙනෙක්ම මේ දවස්වල ඉන්නේ සෑහෙන කළකිරීමෙන් කියලා ආරංචියි. ඒ, අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ බලාන හිටියත් ලොක්කාගෙන් මොකුත්ම තනතුරක් නොලැබුණු නිසා ලු.

පාටියේ ලියන මහත්තයා ඇතුළු කීපදෙනෙක්ම ආණ්ඩුකාර තනතුරු බලාපොරොත්තුවෙන් හිටපු බව රහසක් නෙවෙයි. ඒත් ගිය සතියේ ආණ්ඩුකාරවරුන් තුන් දෙනෙක් පත්කෙරුණත් එයින් එක තනතුරක්වත් අලි පාටියේ කාටවත් ලැබුණේ නෑ.

ලොක්කාගේ සීට් එකෙන් දියවන්නාවට ගිය කෙනාත් ඇමතිකමක් ලැබෙයි ලැබෙයි කියලා තවම අර මොකක්ද එක වැටෙනකල් බලාගෙන ඉන්නවා, ඉන්නවා, ඉන්නවා …. එච්චරම තමයි.

ආණ්ඩුවේ තනතුරු කෙසේවෙතත් පාටියේ හරි ලොකු තනතුරක් බලාපොරොත්තුවෙන් හිටපු කීපදෙනෙකුත් මේ වෙනකොට අදහස අතෑරගෙන ඉන්නවා කියලාත් ආරංචි වුණා. “ලොක්කා දැන් නිර්පාක්ෂික වෙලා නිසා මුළු පාටියටම දේශපාලනය අතාරින්න වෙන සයිස් එකක් තියෙන්නේ” කියලාත් ඔය කීපදෙනෙක් පහුගිය දවසක කතා වුණා ලු.

කළකිරුණා කියලාත් ඉතින් කරන්න දේකුත් නැති නිසාත්, ලොක්කාගෙ බාලගිරි වැඩ ගැන හොඳටම දන්න නිසාත් අනේ ඉතින් ලබන සතියේවත් මොකක් හරි ලැබෙයි කියලා එතුමන්ලා සතිය ගාණෙ හිත හදාගනිමින් ඉන්නවා කියලාත් ආරංචි වුණා ….

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.