අතට අත දෙන්න පුරුදු වෙන්න …

දණගසා වැඳීම අපට උරුම උනේ වැඩ වසම් පරවේණියෙනි.. අඩු කුල මිනිසුන් රජු හා ප්‍රභූන් ඉදිරියේ දනින් වැටී වැඳ නමස්කාර කර පස්වාන් දහසකට බුදුවෙන්න යැයි කියා අවසර ගත යුතුව තිබින.. මෙහි කිසිදු ආචාර කර ගැනීමක් නොමැති අතර ප්‍රබලයාට යටහත් බයාදු බව පලකිරීම පමණක් පවතී…

සමස්තය පීඩක පීඩිත කුළක දෙකකට බෙදී තිබූ ඒ සමාජයේ ගුරු,ගෝල සඹඳතාවයද මීට සමානය..ගෝල පාර්ශවය දනින් වැටී වැඳ වැටෙන අතර ඇතැම් අවස්තාවල ගුරු පාර්ශවයෙන් ලැබෙන වේවැල් කසාය, කෝටුමස් කිරීම්ද ගෝලයා මුවින් නොබැන සාවදානව විඳ දරාගත යුතුයි.

මානව හිමිකම්, මානව ගරුත්වය, සමානාත්ම තාවය ගරුකරන සමාජයකට මෙයාකාර දනගැසීම් සහිත ආචාර සමාචාර නොගැලපේ..බටහිර විදියට මෙන් අතට අත දීම,දේශීය විදියට මෙන් මගුල්, අවමගුල් ගෙවල්වලදි කරන්නාක් මෙන් දෙදෙනාම මදක් නැමී එකිනෙකාට කරන වැඳගැනීම් වැනි ආචාර සමාචාර කරගැනීම් නූතන ලෝකයට ගැලපේ..

මොනම ඉතිහාසයක්වත් නැති ජාතීන්ට වඩා මොනයම් හො නෂ්ඨ ඉතිහාසයක් ඇති ජාතීන් අෆ්ඩේට් වන්නේ ඉතා සෙමිනි.බොහෝ විට යුග ගනන් එක තැන ලගී( සංකෘතික ලැග්ම) ඇමෙරිකාව ඉතාම වේගයෙන් දියුණුව කරා ගියේ පස්සට අදින්ට ඔවුන්ටම කියා ඉතිහාසයක් (ඇමරිකන් ඉතිහාසයක්)නැති නිසා බව කියවේ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...