සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්විය යුතු අවස්ථාවක ඊට ලබාදෙන සහයෝගය සහ රජයේ මුල්‍ය කළමණාකරණය සම්බන්ධයෙන් ඉතා කනගාටුවට පත් වන බව මිහින්තලා රාජමහා විහාරාධිපති පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
මේ දක්වා රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සඳහා පිළිගත හැකි කිසිදු ක්‍රියාමාර්ගයක් රජය ගෙන නොමැති බවත් ඒ පිළිබඳ ඉතා කණගාටු වන බවත් පැවසීය.
පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි මෙම අදහස් පළ කළේ , උතුරු මැද පළාත් වැඩබලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා මිහින්තලා පුදබිම වෙත පැමිණි අවස්ථවේදීය.එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ ,
“මුල්‍ය කළමනාකරණය කිරීම බොහෝම හොඳයි. මේක නොකරපු හින්දා තමයි මේ හෙනේ වැඳිලා තියෙන්නේ. ඔබතුමා කියපු විදියට රජයේ අනුග්‍රහය නැත්නම් මුල්‍ය දායකත්වය දෙන්න අපහසුතාවයක් තමයි තියෙන්නේ. මට දැනෙන විදියට. ලෝකයෙන්ම අපි ඉල්ලීමක් කරනවා භාෂා පරිවර්තනය කරලා යවන්න. එහෙම වුණාම අපිට යම් ආධාරයක් දෙයි.”
වැඩබලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ,
“නෑ හාමුදුරුවනේ, මම කියන්නේ රජයේ උපරිම දායකත්වය ලබාදෙනවා.”
පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි,
“නෑ මේ වනතුරු ලැබිලා නෑනේ. දින 10යි තියෙන්නේ.”
වැඩබලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ,
“පුළුවන් දේ කරන්න තමයි මෙතැනට ආවේ අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ සමග ආර්ථික දුෂ්කරතා කථා කරන්න නෙමෙයි.”
පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි,
“එහෙම වුණාම මුල්‍ය අපහසුතා කිව්වහම අපි දන්නවා…”
වැඩබලන ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ,
“ආර්ථික කළමනාකරණය කරගෙන අපිට පුළුවන් රාජ්‍ය අනුග්‍රහය දෙන්න…”
පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි,
“මම කෝටි ගණන් ඉල්ලන්නේ නෑනේ. ජල සම්පාදනයෙන් මෙච්චර මුදලක් ඉන්නවා. මේවා කරන්නේ රටේ ජනතාවගේ සුබ සිද්ධියට නේ. 24 රැස්වීම් තිබ්බට එතුමාට තීන්දු ගන්න බෑ. ඊට පස්සේ තව දවස් 4යි 5යි. මේකේ ගහ කොළ මහ තොගයක් තියෙනවා ලයිට් දාන්න. ඔබතුමාට දෝෂාරෝපණය කරන්නේ නෑ. ඔබතුමා බොහෝම හොඳයි. මේ දිස්ත්‍රික්කය භාරව ඉන්න එකෙකුටවත් මේක තේරෙන්නේ නෑ…”
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
