අශිෂ්ටත්වයට ශිෂ්ටත්වයෙන් උත්තර හොයන්න එපා. DIGවත් රකින්න ඕනෑ – හඳුන්නෙත්ති (VIDEO)

Date:

අශිෂ්ටත්වයට ශිෂ්ටත්වයෙන් පිළිතුරු නොසොයන ලෙසත් අශිෂ්ටත්වයට පිළිතුරු ලැබෙන්නේ අශිෂ්ටත්වයෙන්ම බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි.

“මැයි 09 වෙනිදා සිදුවීමෙන් පස්සෙ සමාජයේ තියෙන සාකච්ඡාව මොකක්ද ? එක පැත්තකින් ප්‍රාතීර්භූත වුණා රනිල් වික්‍රමසිංහ අගමැති හැටියට. දැන් රනිල් අගමැති වෙලා, එකක්. දෙක, ජේවීපී එක ආයෙ ප්‍රචණ්ඩත්වයට ගිහිල්ලා කියනවා. සමාජයේ සාකච්ඡාව තියෙන්නෙ ඔච්චරයි නෙ. අපි දන්නවා 09 වෙනිදායින් පස්සෙ ඇතිවෙච්ච සිදුවීම්, ඒගොල්ලො හදාගත්ත සිදුවීම් ගොඩක් තියෙනවා. පෞද්ගලික පළිගැනීම් ගොඩක් කරලා තියෙන්නෙ, ඒවා ගොඩක් ඇති, ඒවානෙ දේශපාලනේ. හැබැයි එදා 09 වෙනිදා ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරය … අශිෂ්ටත්වයට ශිෂ්ටත්වයෙන් උත්තර හොයන්න එපා ! අශිෂ්ටත්වයට උත්තර හම්බෙන්නෙ ඒකෙන්ම තමයි. ඒ ප්‍රතිචාර දක්වපු හැම කෙනෙක්ම ආරක්ෂා කරන්න ඕනෙ. වෙන එකක් තියා එදා ගහන්න බෑ කියලා අද දඩයමට ලක්වෙලා ඉන්න නියෝජ්‍ය පොලිස්පතිතුමාවත් ආරක්ෂා කරන්න ඕනෙ. මොන පක්ෂෙන් හරි කමක් නෑ, මැයි 09 වෙනිදා උදේ වරුවේ සිද්ධ වෙච්ච ජරා දේශපාලන ක්‍රියාවට හවස් වරුවේ ප්‍රතිචාර දක්වපු මිනිස්සු ආරක්ෂා කරන්න ඕනෙ”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ ඊයේ (22) මාතලේ ප්‍රදේශයේ පැවති එම පක්ෂයේ ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...