ආර්ථික පරිවර්තන පනතට එරෙහිව ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආණ්ඩුව පාර්ලිමේන්තුවට හදිසියේම ඉදිරිපත් කළ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“ශ්‍රී ලාංකික ජනතාව කිසිකෙනෙක් උද්ඝෝෂණ කළේ නෑ ආයෝජන මණ්ඩලය අහෝසි කරන්න කියලා. කවුරුහරි උද්ඝෝෂණය කළාද අපට ජාත්‍යන්තර වෙළඳාම සඳහා වූ කාර්යාලයක් දියව් කියලා ? එහෙම නැත්නම් කවුරුහරි අපේ රටේ කෑගැහුවද ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවන්න කියලා ? නමුත් මේ හදිස්සියේ පාර්ලිමේන්තුව රැස් කරවලා දැන් මේ හදිස්සි පනතක් හැටියට පාර්ලිමේන්තුවට ගේනවා මේ ආර්ථික පරිවර්තන පනත. හැබැයි කවුරුත් ඉල්ලපු එකක් නෙවෙයි. ඊළඟට දැන් පනත විරුද්ධ පාර්ශ්වයක් වෙනවා නම් දේශපාලන පක්ෂයක් හරි, වෘත්තීය සමිතියක් හරි, පුරවැසියෙක් හරි අධිකරණයට යන්න තියෙන දින වකවානු ගත්තොත් තියෙන්නෙ ඉතා සීමිත දින ප්‍රමාණයක්. මොකද හේතුව වෙසක් පෝයට රජයේ නිවාඩු එනවා. එතකොට රජයේ නිවාඩු දින ඉදිරියට තියලා, රටේ ජනතාවගේ අවධානය වෙන පැත්තක තියෙද්දී දැන් ආණ්ඩුව කඩිමුඩියේ මේ රටේ ආර්ථිකයට ජාතික ප්‍රතිපත්තියක් ගේනවා. දැන් රට තියෙන්නේ ජනාධිපතිවරණයක් අභියස. ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහට මොන බලයක්ද තියෙන්නේ රටේ ආර්ථිකයට බලපාන මෙතරම් තීරණ ගැනීමේ පනතක් පාර්ලිමේන්තුවට ගේන්න ?”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...