බලන් ඉන්න.ලබන මැයි 24 වෙද්දී ආණ්ඩුව ගෙදර – SJB නලින්ගේ අලුත් අනාවැකිය

Date:

කොළඹ LNW:ලබන වසරේ මැයි 24 වැනිදා වන විට වත්මන් ආණ්ඩුව ගෙදර යවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

ආණ්ඩුවට ජන්දය දුන් ජනතාව විසින්ම එය සිදුකරන බවයි ඔහු සඳහන් කරන්නේ.

”බලන් ඉන්න. මම අද කිව්වා කියල හිතාගන්න. අද මැයි මාසේ 24. මේගොල්ලෝ ලබන මැයි 24 වෙනකොට ගෙදර යවනවා. අපි නෙවෙයි ඒගොල්ලන්ට ජන්දේ දීපු අය.”

කුමන හෝ අයුරකින් ආණ්ඩුව කොළඹ මහ නගර සභාව පිහිටුවීමට කටයුතු කළ හොත් ඔවුන් ගෙදර යන දවස තවත් මාස තුනකින් ඉදිරියට පැමිණෙන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

ඒ අනුව වත්මන් ආණ්ඩුව තව වසරක් යන විට අවසන් වන බව තමන් විශ්වාසයෙන් පවසන බවත් මීට වඩා අනාවැකි තමන් පවසා ඇති බවත් ඒවාද හරිගියා බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පවසයි.

නලින් බණ්ඩාර මහතා මෙම අදහස් දක්වා සිටියේ අද (24) කොළඹදී ය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...