IMF ණය හම්බුණාම සතියකට ඩොලර් එක පාලනය වෙයි. ඊටපස්සේ බඩු මිල ලොකුවටම වැඩිවෙයි – මරික්කාර්

වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරික දෙක ලබාගැනීම සඳහා ඔවුන්ට පොරොන්දු රාශියක් ලබාදී ඇති බැවින් ඉදිරියේදී ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාම නැවැත්විය නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.

“දැන් පුරසාරම් දොඩවනවා ලබන 27 වෙනිදාට IMF එකෙන් ඩොලර් මිලියන 700ක් ලැබෙනවා කියලා. ණය හම්බවෙනවා. ණය හම්බුණාම සතියකට ඩොලර් එක පාලනය වෙයි. හැබැයි IMF එකට ඔක්කෝම ජාති පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා අද කිව්වා කියලා හිතේ තියාගන්න ඩීසල් ලීටරේ රුපියල් 150කින් ඉහළ යන එක නවත්වන්න බැහැ. ලබන සතියෙන් පස්සේ අල, පරිප්පු, සීනි, බෙහෙත්, පිරටින් ගෙන්වන හැමදේම වගේම පිටරටින් ගෙන්වන පොහොර යොදාලා නිෂ්පාදනය කරන හාල් මිල පවා වැඩිවෙන්න නියමිතයි. ඒ නිසා මේ රටේ ගෘහණියන්ට බඩුමිල වැඩිවුණාම තැපෑලෙන් හොඳ ප්‍රතිඵල ලැබෙයි”

එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...