ලන්ඩන් නුවර ජීවත් වන හදවත ලස්සන මිනිස්සු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලන්ඩන් නුවර ජීවත් වන ලිලානි දිල්රුක්ෂාන් නැමැති චිත්‍ර ශිල්පිනියක විසින් ලන්ඩන් නුවර ඇය විසින් පවත්වනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනයක් සඳහා ලැබුණු සම්පූර්ණ මුදල, නුවර පිළිකා සංගමය වෙත පරිත්‍යාග කර ඇත. ඇය එම කටයුත්ත පිළිබඳ ඉතාමත් සතුටින් ඇගේ අදහස් මෙසේ ප්‍රකාශ කළාය.

” මම පුංචි කාලෙ ඉදලා මේවගේ දේවල් කරන්න ගොඩක් කැමති කෙනෙක් . මගේ හැකියාවන් එක්ක මුදලක් උපයා ගත්විට ඒක තවත් කාටහරි දෙන්න පුලුවන් නම් ඒක තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියනව වගේ තව කෙනෙක් කොයිතරම් සතුටුවෙයිද කියලා . මේක මගේ පුංචි හීනයක් සැබෑවීමක්, මට ඒ ගැන හරිම සතුටුයි . මෙම ස්ථානය ලංකාවෙ අයත් වැඩිය දන්නෙ නෑ. මොකද මෙම ස්ථානය වැඩිය ප්‍රසිද්ධ වෙනවට මේ අය කැමති නෑ. මොකද මෙතන අනුන්ගෙ දේ කඩා වඩාගෙන උපයාගෙන  කන තැනක් නොවන නිසා. මෙතන අවංක සේවයක් සිදු වන තැනක්. මෙතනට එන අයට පුළුවන් උපරිමයෙන් සේවයක් සලසතැනක්. බහෙත්, කෑම බීම , නවාතැන් පහසුකම් , දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සහ මෙම ස්ථානයට පැමිණෙන ඉතාමත් දරිද්‍රතාවයෙන් පෙළෙන අයගේ පවුල් සඳහා මාසිකව යම් මුදලක් ලබා දීම පවා සිදු කරන ස්ථානයක් මෙම ස්ථානය.

එය රජයෙන් ලැබෙන මුදලක් නොවේ . වචනයේ පරිසමාප්තියෙන්ම අවංකව ආත්ම තෘප්තිමත්භාවය පතා තමන්ගේ පෞද්ගලික පරිත්‍යාගයන් සමඟින් සහයෝගයෙන් පවත්වාගෙ යන ස්ථානයක් මෙම ස්ථානය. ඉතිං ඒවගේ තැනකට දායක වෙලා මටත් පුංචි හරි දායකත්වයක් ලබාදෙන්න ලැබීම ගැන මා නිහතමානීව ආඩම්බර වෙනවා.

ඇත්තටම අපි ලංකාව ගැන අවබෝධයෙන් කටයුතු කරනවානම් සාමූහිකව හුගක් දේවල් කරන්න පුළුවන් මිනිස්සුන්ට . ඒකට මූල්‍යමයම ආධාර පමණක් නොවේ එකමුතු වීමයි තීක්ෂණ බුද්ධියයි මනුස්සකමයි කරුණාවයි තමයි අවශ්‍ය වෙන්නේ. මගේ ඊළඟ බලාපොරොත්තුවත් මේවගේම සේවයක් කරන්න . ඒ තමයි මගේ සතුට.”

තම උපන් රටින් ඈත්ව දුරු රටක ජීවත් වුවත් මෙවැනි උතුම් මනුසත් හදවත් අමිලයි. ඉතාමත් දුරලභයි. ලිලානි දිලරුක්ෂාන් මහත්මිය එවැනි පරිත්‍යාගශීලී කාන්තාවකි . ඇයට අපගේ හදවතේ ප්‍රණාමය පුදකරමු !

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...