ජනකට එරෙහි යෝජනාවට ඡන්දය දුන් විපක්ෂයේ අය

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාව එම තනතුරින් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46කින් සම්මත විය.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් හිමිවූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 77ක් පමණි.

විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, වඩිවේල් සුරේෂ් සහ ඒ. එච්. එම්. ෆවුසි යන මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනවිරත්න සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් ද යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර ඇත.

මෙතෙක් ආණ්ඩුව සමග එක්ව කටයුතු කරමින් සිටි අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබීමත් විශේෂත්වයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...