රෂිකා හෙන්නායක මැයි 25 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඔස්ට්රියාවේදී සිදුවූ අතිශය භයානක ගුවන් අනතුරකින් දිවි ගලවාගත් පැරග්ලයිඩර් ක්රීඩිකාවක පිළිබඳව විදෙස් පුවතක් වාර්තා වේ.
ගුවනේදී සංචාරක යානයක් ඇයගේ පැරෂුටයේ ගැටීමෙන් පසු ඇය වේගයෙන් පහළට ඇදී ගියද, හදිසි පැරෂුටය ක්රියාත්මක කිරීමෙන් සිය ජීවිතය බේරා ගැනීමට සමත් වූවාය.
මෙම මුළු සිදුවීමම ඇය සතු වූ ශරීර කැමරාවක සටහන්ව ඇති බව මෙහි සඳහන් වේ.
අනතුරට පත් 44 හැවිරිදි කාන්තාවගේ අසිරිමත් ගැලවීම පිළිබඳව මනා විස්තරයක් විදෙස් මාධ්ය මගින් වාර්තා කර ඇත . මෙම කෙටි වාර්තාව මගින් අහඹු ලෙස සිදුවන ගුවන් අනතුරක ඇති බිහිසුණු බව මෙන්ම ඉන් මිදීමට පවතින සුළු අවස්ථාවන් පිළිබඳවද අවධාරණය කෙරේ.



