චීනයේ Shenzhou 23 යානයේ ගගනගාමීන් කක්ෂීය මොඩියුලය වෙත සාර්ථකව පිවිසේ!

කොළඹ LNW: චීනයේ Shenzhou 23 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වීමෙන් පසු, Shenzhou 23 අභ්‍යවකාශ යානයේ කාර්යෙමණ්ඩල ගගනගාමීන් තිදෙනා එහි කැප්සියුලයේ සිට කක්ෂීය මොඩියුලය වෙත සාර්ථකව ඇතුළු වූණා. මේ බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය පවසනවා.

එහිදී Shenzhou 21 ගගනගාමී කණ්ඩායම, අද (25) පෙරවරු 5:13 ට පමණ එහි මොඩියුලයේ දොරටුව විවෘත කරමින් Shenzhou 23 ගගනගාමී කණ්ඩායම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිළිගනු ලැබුවා.

මෙය චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ වැඩසටහන් ඉතිහාසයේ අභ්‍යවකාශය වෙත මිනිසුන් රැගෙන යා‍මේ අටවන මෙහෙයුම සනිටුහන් කරයි. එමෙන්ම, මෙය චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සිට චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමියෙකු ස්ථානගත කළ පළමු අවස්ථාව ද වනවා.

මෙහිදී චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ සිට ගගනගාමී කණ්ඩායම් දෙක සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා. පසුව, ඔවුන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන කක්ෂයේ අදාළ මෙහෙයුම් සඳහා එක් වන බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...