*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

හදිසි ජනාධිපතිවරණයකට ජනතාව සුදානම් කරමු ….

2024 ජනාධිපතිවරණය කියන්නේ අපේ රටේ ඊළඟ තීරණාත්මක දේශපාලන සන්ධිස්ථානය.දැන් කවුරු කවුරුත් ඒකට ලෑස්ති වෙනවා.ඒ වෙනුවෙන් දැනට කදවුරු කීපයක් සටන් බීමට අවතීර්ණ වෙලා තියනවා.ජනාධිපති රනිල්ගේ කදවුර,විපක්ෂ නායක සජිත්ගේ කදවුර,අනුර කුමාරගේ ජවිපෙ කදවුර,පාඨළීගේ එක්සත් ජනරඡ කදවුර.හෙට දවසේ ඔය අතරට තවත් කදවුරු එකතුවෙයි, එහෙමත් නැත්තං ඔය කදවුරු ඒකාබද්ධ වෙලා නව කදවුරු නිර්මාණය වෙයි.

මෙතනින් එහාට ජනාධිපතිවරණ සටනට සුදානම් වෙන පුද්ගලයන් හා කදවුරු අතර පොදු එකඟතා හදාගන්න ලේසි නෑ.පොදු එකඟතා හදාගන්න අවශ්‍ය තත්වයන් නිර්මාණය වෙන්නේ අර්බුදයන් ඇතුලේ.අර්බුදය සමහන් වෙනකොට එහෙම අවශ්‍යතාවයක් මතු වෙන්නේ නෑ.ඒකෙන් රටේ රාළ කියන්නේ රටේ තිබුණ අර්බුදය දැන් සම්පුර්ණයෙන්ම සමනයවෙලා කියලා නෙවෙයි.රට තිබුණ තැනින් දැන් සන්සුන් තැනකට ඇවිත්.පොදු ජනතාව දුෂ්කරතා මැද්දේ උනත් සාමාන්‍ය ජන ජීවිතයට ඇතුළ් වෙමින් ඉන්නවා.සාමාන්‍ය ජනතාවගේ පටන් දේශපාලන පක්ෂ නායකයන් දක්වා කවුරු කවුරුත් තම තමන්ගේ න්‍යාය පත්‍රවලට යොමු වෙන්න පටන් අරන්.දැන් සාමාන්‍ය පරිධි ජන ජීවිතය ක්‍රියාත්මක වෙනවා.ගොවියා ගොවි බිමට ගිහින්,ධීවරයා මුහුදු යනවා. ශ්‍රම බලකායේ බහුතරය සේවයේ යෙදෙනවා.ප්‍රවාහනය ගමනාගමනය යථා තවත්වයට පත්වෙලා.දේශපාලන පක්ෂත් තමන්ගේ සැලසුම්වලට යන්න පටන් අරන්.

පොදු දේශපාලන ක්‍රියාමාර්ග වෙනුවට ආයෙත් පක්ෂ ක්‍රියාමාර්ග උඩට ඇවිත්.කදවුරු විදිහට තෝරන ක්‍රියාමාර්ග උඩට ඇවිත්.මේ තත්වය යටතේ උනත් රටේ රාළ කියන ජාතික එකඟතා වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්.ඒත් හෙට දවසේ නිර්මාණය වෙන තත්වයත් එක්ක ජාතික එකඟතා වැඩපිලිවෙලකට යන්න ප්‍රායෝගික පසුබිමක් හැදෙන්නේ නෑ. ජනාධිපතිවරණය පදනම් කරගෙන ඒ ඒ කදවුරු අතර ඇවිලෙන සටනක් විතරයි අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ක්‍රියාවලිය ඇතුලේ දේශපාලන පක්ෂවලට කරන බලපෑම වගේම බලපෑමක් රටේ ජනතාවටත් කරන්න ඕනි.නැත්තං අවසානයේ සියල්ල වරද්දාගෙන පරිප්පු කන්න වෙන්නේ ජනතාවට.මේ ජනාධිපතිවරණයේදීත් රටේ රාළ බළකායට නියෝජනය කරන්න කදවුරක් සහ අපේක්ෂකයෙක් නෑ. හැබැයි අපට මේ ජනාධිපතිවරණයේදීත් ජනතාවත් එක්ක කරන්න දේශපාලනයක් තියනවා.

ජනාධිපතිවරණ සන්ධිස්ථානයකදී බලය ඩැහැගන්න එන දේශපාලන ශිජු ලිහිණියන්නට ආයෙත් මේ රට බිලි දෙන්න බෑ.ඒ වෙනුවෙන් එන විවිධ දේශපාලන තක්කඩින් කරන රංගනයන්ට ආයෙත් ඉඩ දෙන්න බෑ. මොන කදවුරෙන් උනත් තොරොම්බල් කරලා ඉදිරිපත් කරන දේශපාලන වාද බයිලාලාවලට,රට බාරගන්න එන දියසෙන් කුමාරවරුන්ට නං ආයෙත් රැවටෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.2019 දී වැටුන අමාරුවේ නම් ආයෙත් වැටෙන්න එපා වගේම රට වට්ටන්නත් එපා.2015 දී රාජපක්ෂ පවුලේ දේශපාලන තක්කඩිකම්වලට තිත තියපු ජනතාව මහින්ද ගෙදර යවලා යහපාලනය ගෙනවා.යහපාලනයේ මහින්දගේ ආණ්ඩුවට වඩා යහපත් පැති තිබුණත් යහපාලනය කියන්නේ ආරම්භයේ පටන් වරද්දා ගත්ත ආණඩුවක්.රනිල් මෛත්‍රි අතර තිබුණ නොගැලපීම විසින් නිර්මාණය කරපු අසමගියෙන් යහපාලනයේ මීනිවල යහපාලන විසින්ම කපා ගත්තා.යහපාලනය ගෙදර ඇරලා ජනතාවට ආයෙත් ගේන්න ඉතිරිවෙලා තිබුණේ තක්කඩි රාජපක්ෂලා විතරයි.

ජනතාව රාජපක්ෂලා කියන්නේ කවුද කියලා දැනගෙන හිටියත් ජනතාවගේ ඇස්වලට වැලි ගහන්න පුළුවන් විදිහට රාජපක්ෂවාදය නවීකරණය කරන්න රාජපක්ෂලාට පුළුවන් වුනා.මහින්ද කරපු වැරදි නොකරන නීතියට අනුව වැඩකරන ගෝඨාභය කෙනෙක් එයාලා රටට හදුන්වලා දුන්නා.රාජපක්ෂලා කියන්නේ ඒ වෙනකොට මේ රටට රණවිරුවන් දිනා දුන්න යුධ ජයග්‍රහණය ඉතා පහත් විදිහට මංකොල්ල කාපු කණ්ඩායමක්.ඒ වෙනකොට ගෝඨාභය රටේ යුධ වීරයෙක් වෙලා හිටියා.ඒ විදිහට ගෝඨාභය Promote කරන කාලේ තමයි පාස්කු ප්‍රහාරය එල්ල වෙන්නේ.පාස්කු ප්‍රහාරයත් පාව්චිචි කරගෙන ගෝඨාභය Promote කළා.ගෝඨාභය වගේ යුධ විරුවෙක් හිටියා නම් කවදාවත් පාස්කු ප්‍රහාරය එල්ල වෙන්නේ නෑ කියන තැනට මතය හැදුවා.ගෝඨාභයලා පඩි දිලා නඩත්තු කරපු සහරාන්ලා පාස්කු ප්‍රහාරය එල්ල කිරීමෙන් මෙතන බලය ගැනීමේ කුමන්ත්‍රණයක් තිබුනාද කියන සැකය දැන් තියනවා.

ඒත් එදා ඒවා වලංගු වුනේ නෑ.එදා කිව්වේ රටේ ජාතික ආරක්ෂාව සලසා ගන්න නං ගෝඨාභය ගේන්න ඕනි කියලයි.ගෝඨාභය ගේන්න ඕනි තැනට ජනමනස හදන්න එලිය,වියත් මඟ වගේ සංවිධාන ආවා.කොහේද නැති විද්වතුන් ටිකක් ඇවිත් රට වටේට ගෝඨාභය උස්සගෙන ගියා. ජනතාවට ගෝඨාභය ගැන දේශන තිබ්බා.ඇත්තටම ගෝඨාභය ශත පහකට වැඩකුත් නෑ ඒ වියත්තු ශත පහකට වැඩකුත් නෑ.එදා රටේ රාළ ගෝඨාභය ගැන ඇත්ත කතාව රටට කියද්දී ජනතාව දෙපාරක් නොහිතා ගෝඨාභය වැළද ගත්තා. ගෝඨාභයගේ ළඟ එන පාලනයට ආශීර්වාදය කරන්න කැලණි ගං පතුල දෙබෑ කරගෙන නාග ලොවෙන් ධාතු අරන් නාග රාජයෙක් මතුවුනා.උගත් මහාචාර්ය හාමුදුරුවරු ගෝඨාභයගේ කුලීකාරයෝ වෙලා මිත්‍යාව පැතිරෙව්වා.සමහර තක්කඩි මාධ්‍ය අමු පට්ටපල් බොරු මිත්‍යා මත සමාජ ගත කළා.ඒ වගේම අපේ රටේ සංඝ සංස්ථාව ගෝඨාභගේ Project එක ඉස්සරහා බෞද්ධ දර්ශනය හෑල්ලු කරමින් කටයුතු කළා.

බුද්ධ චීවරය ඉතා පහත් විදිහට අවභාවිතා කළා.ගොඩක් චීවරධාරියෝ රාජපක්‍ෂලාගේ වේදිකා උඩ කවි කියන දේශපාලන නිඝන්ඨයෝ බවට පත්වුනා. හැම පැත්තෙන්ම ජාතිවාදය,ආගම්වාදය අවුස්සලා ලාංකීය සමාජයේ ඇස් අන්ධ කළා.වඳ කොත්තු,වඳ යට ඇඳුම්,වඳ පෙති ගෙනත් චීවරදාරියෝ සහ ඊනියා දේශප්‍රේමියෝ දේශපාපාන වඳ සැත්කමකට රට ලක්කලා.අපේ රටේ සංඝ සංස්ථාව රාජපක්ෂලාගේ තක්කඩි උවමනාව වෙනුවෙන් කොච්චර පාවිච්චි උනාද කියනවා නම් මළ ගෙදර පාංශුකූල දෙනකොට කිව්වෙත් ගෝඨාභය ගැන.මළ ගෙදර දවස් හතේ බණට, මාස තුනේ බණට,අවුරුද්දේ බණට, පන්සලේ කඨින පූජාවට කිව්වෙත් ගෝඨාභය ගැන,ගෝඨාභය දිනපු ගමන් රටේ තරුණ තරුණියෝ පුරන් කුඹුරු අස්වද්දන්න ආවේ, තාප්පවල චිත්‍ර අදින්න ආවේ හිස් ගෝඨාභය ගැන ජනමනස ඇතුලේ හදපු බොරු පෞරුෂයටයි. ගෝඨාභය කවුද කියලා ගෝඨාභය පත්වෙලා මාස දෙකක් යන්න ඉස්සෙල්ලා රට තේරුම් ගත්තා.

ගෝඨාභයට මුවා වෙලා හිටිය තක්කඩි රාජපක්ෂලා පරණ ශුද්ධයම පටන් ගත්තා,පරණ ගේම් ආයෙත් කරලියට ආවා.අන්තිමට ගෝඨාභය ඇතුළු රාජපක්ෂලා මේ රට බංකොලොත් කරලා අද හැංගිලා ඉන්නවා.රනිල්ට මුවාවෙලා ඉන්නවා.රටේ රාළ කියන්නේ ඔය වැඩේම ආයෙත් 2024 දී වෙන්න පුළුවන්.ආයෙත් වෘක්කයන් බැටළු හම් පෙරවගෙන එන්න පුළුවන්.ආයෙත් ඒවට අහු නොවී ඉන්න මේ රටේ ජනතාවටත් වගකීමක් තියනවා.ආයෙත් ඒ උගුලේ අහුවෙලා බොරුවට අපි රැවැට්ටුවා කියලා දේශපාලනකයින්ට බනින්න නං එපා.ඇයි ඉතින් ඔයාලත් මෝඩයෝ වගේ හැමදාම රැවටෙන්නේ.රටේ රාළ යෝජනා කරන්නේ 2024 ජනාධිපතිවරණයේදීවත් නොරැවටී ඉම්මු කියලයි.ඒක කරන්න නං දැන්මම ජනතාව ඉස්සරහට එන්න ඕනි.ඔයාලා දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවන්න ඕනි.මොන කදවුරෙන් මොකා ආවත් මේ රට හදන ප්‍රායෝගික වැඩපිලිවෙලක් ඉස්සෙල්ලාම ඉල්ලන්න ධෛර්යය ජනතාවට තියෙන්න ඕනි.

විශේෂයෙන් ආර්ථික වැඩපිලිවෙල, ජාතික සමගිය ගොඩනගන හැටි.මොනවද කරන දේශපාලන ප්‍රතිසංස්කරණ කියලා ඉල්ලන්න ඕනි.මතක තියාගන්න මෙතනින් එහාට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ හිරකාරයෙක් වෙච්චි රටක්.ඒ වෙලාවේ IMF යනවා හැර වෙන උත්තරයක් රටට තිබුණේ නෑ තමයි.හැබැයි අපිට IMF උගුලෙන් ගැලවෙන්න නං රටේ නිෂ්පාදන හා සේවා ආර්ථිකය ශක්තිමත් කරගන්න ඕනි.ඒවට සැලසුම් ඔය පණ්ඩිතයන්ගෙන් ඉල්ලන්න ඕනි. රාජ්‍ය තාන්ත්‍රිකව කොහොමද අපි ලොකයත් එක්ක ගනුදෙනු කරන්නේ කියන එක තහවුරු කරගන්න ඕනි.බොරුවට ලංකාවේ ඉදන් ඉන්දියාවට බනින,චීනයට බනින,ඇමරිකාවට බනින දේශපාලන කයියන්ට නං අහුවෙන්න එපා.අපිට ඒ රටවල්වලට උත්තර දෙන්න තියෙන්නේ අපේ ආර්ථිකය හදාගෙන මිසක් කයිය ගහලා නෙවෙයි.ඒක නිසා රටේ ජනතාව හරි විවෘත තැනක ඉදන් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්න ඕනි.

ජනාධිපති අපේක්ෂකයින්ගෙන් රට හදන හරි වැඩපිලිවෙලක් තියන කෙනා පත්කරගන්න මේ රටේ ජනතාවට කොන්දක් තියෙන්න ඕනි.එහෙම කෙනෙක් නැත්තං දැන්මම හරි කෙනා හොයන ජනතා මෙහෙයුමක් පටන් ගන්න ඕනි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan