පාසල් බෑග් සහ සපත්තු මිල අඩුකිරීමට එකඟතාවක්

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් පහත හෙලීමට නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකගතාව පළ වූ බවයි.

අප්‍රේල් මස (25) දා අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේ දී ඇති කරගත් එකගතාවන්ට අනුව නිෂ්පාදකයන් මෙම පියවර ගෙන තිබේ.

මිල අඩු කිරීම පිළිබඳ දැනුම් දීම සඳහා පෙරේදා (23) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී ජූලි මස 15 වැනි දා සිට මෙම මිල අඩු කිරීම සිදු කිරීමට ඔවුන් එකගතාව පළ කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් රුපියල් 350/= සිට 450/= අතර මුදලකින් පහත යනු ඇත.

තවත් මසකින් මිල ගණන් සම්බන්ධයෙන් නිෂ්පාදකයන් සමග සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එහි දී ඒ වන විට පවතින වෙළෙඳපොළ තත්ත්වයන් සහ ඩොලරයේ මිල අනුව තව දුරටත් මිල අඩු කිරීම පිළිබඳ සලකා බලන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...