හද බිඳෙනසුළුයි, ඉතිං හදක් කුමටද…? ටීනා ටර්නර්ත් දැයෙන් සමුගනියි!

ඉසුරු පරාක්‍රම

ලෝකය (Outbound Today): Who needs a heart, when a heart can be broken..? ඒ ඇගේ අති ජනප්‍රිය What’s love got to do with it ගීතයේ මතකයේ වැඩිපුරම රැඳෙන වදන් පෙළයි.

ඇමරිකානු සංගීතයේ රොක් ඇන්ඩ් රෝල් දෙවඟනක් වන ටීනා ටර්නර් අද දින අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ටීනා 83 වන වියේ පසුවූවා ය.

දිගු කලක් රෝගාතුරව සිටි ටීනා ස්විට්සර්ලන්තයේ සූරිච් අසල Küsnacht හි පිහිටි ඇගේ නිවසේදී සාමකාමීව මිය ගිය බව ඇගේ නියෝජිතයා මාධ්‍ය වෙත පැවසීය.

ඇගේ ජීවිත කතාව ලොව සුවහසක් කාන්තාවන් මෙන්ම අවවරප්‍රසාදිත ප්‍රජාවන්ට විශාල ආදර්ශයක් සැපයූ එකක් බව ටීනා ටර්නර් රසිකයන් නිතැතින්ම දන්නා කරුණකි. ගොවි පවුලකින් පැමිණ, දැඩි අපයෝජක සබඳතාවයකින් මිදී ලොව දැවැන්තම කලාකාරිනියන් අතරට එක් වූ ටීනා ඇමරිකානු පොප් සංගීතයේ රාජකීයත්වය උසුලන ෂෙයර් ගෙ සමකාලීනයෙකි.

ඡායාරූප: අන්තර්ජාලය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...