පානදුර පින්වත්තේ වෙඩිතැබීමක් !

0
195

සටහන – රුවන් නෙළුගොල්ල

පානදුර, පින්වත්ත පොලිස් බලප්‍රදේශයේ මාදුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (මැයි 25) රාත්‍රියේ වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.

මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි ප්‍රහාර එල්ල කරන්නට ඇතැයි පොලීසිය සැක කරන අතර එම නිවස ආසන්නයේ තිබී උණ්ඩ කොපු 10ක් පමණ හමුවී ඇති බව සඳහන්.

මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුට හෝ තුවාල සිදුවී නොමැත.