සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): කටුනායක ගුවන්තොටුපල හරහා නීති විරෝධී ආකාරයට රත්රන් සහ ජංගම දුරකතන තොගයක් රැගෙන පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තුවෙන් නෙරපීම සඳහා යෝජනාවක් ගෙන ඒමට තීරණය වී තිබේ.
පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් අපකීර්තියට පත් කිරීම මත මෙම මන්ත්‍රීවරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට පක්ෂ නායක හමුවේ දී මේ පිළිබඳව සාකච්ඡා වී ඇති අතර ආණ්ඩුවේ මන්ත්‍රීන් ද බහුතරයක් ද මෙම මතයේ සිට ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇
