නැහැ කිව්වත් අලි සබ්‍රිට ආණ්ඩුව උදව් කළේ මෙහෙමයි – මුජිබර්

Date:

කොළඹ LNW:නීති විරෝධී ලෙස මෙරටට රත්‍රං සහ ජංගම දුරකථන තොගයක් ගෙන ආ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාට ඉන් ගැලවීමට ආණ්ඩුව සහය දැක්වූ ආකාරය අද (26) විපක්ෂ නයක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

සාමාන්‍යයෙන් එවැනි වරදකදී භාණ්ඩවල තක්සේරු වටිනාකමට වඩා තුන්ගුණයක දඩයක් නියම වන නමුත් අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා ආණ්ඩුවේ සහයෙන් එය රු.ලක්ෂ 74ක් දක්වා අඩුකරගෙන් තිබුණු බවයි රහුමාන් මහතා පැවසුවේ.

”මේ ආණ්ඩුව ආණ්ඩුවේ අයට සලකනවා අනිත් අයට නීතිය ක්‍රියාත්මක කරනවා. ඊයේ පෙරේදා ආණ්ඩුවට සහයෝගය ලබා දෙන අලි සබ්‍රි කියන මන්ත්‍රීවරයා නීති විරෝධී ලෙස යම් රත්තරන් බඩු හා දුරකථන වර්ගයක් ගෙනල්ලා අහු වුණා. එතුමා ඊයේ පෙරේදා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ආණ්ඩුවට විරුද්ධව දුන්නා. එයා කියනවා ආණ්ඩුව එයාට උදව් කරපු නැති නිසාලු ඡන්දය විපක්ෂයට දුන්නේ කියලා. නැහැ මම කියනවා ආණ්ඩුව එයාට උදවු කරල තියනව. දඩය ගෙව්වේ ලක්ෂ හැත්තෑ හතරයි. ගෙනාපු බඩුවල තක්සේරු වටිනාකම රුපියල් මිලියන හැත්ත හතරයි. එතකොට රේගු ආඥා පනත අනුව කිසියම් පුද්ගලයෙක් නීති විරෝධී ලෙස බඩුභාණ්ඩ ගෙනාවම ඔහුට ගහන දඩය තමයි ඒ බඩු භාණ්ඩවල තක්සේරු වටිනාකම අනුව තුන් ගුණයක දඩය ඒ කියන්නේ රුපියල් මිලියන විසි දෙකක්.ඒකයි කියන්නේ එයා මේ ආණ්ඩුවේ උදව්වෙන් තමයි ලක්ෂ හැත්තහතරක් ගෙවිලා එළියට ආවේ.” යනුවෙන් රහුමාන් මහතා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිලන්ත-කාම්බෝජ දේශසීමා ගැටුම් අඛණ්ඩව තුන්වන දිනටත්

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 10: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...