*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

රාජතාන්ත්‍රික මෙහෙයුමක් සඳහා විපක්ෂයේ පිරිසක් මියන්මාරයට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 27, කොළඹ (LNW):ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ සහ විපක්ෂ නායකතුමන්ගේ සංදේශයන්ද රැගෙන , විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපාබණ්ඩාර, ජේ.සී. අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් අද අලුයම 1.10 ට බණ්ඩාරනායක ගුවන්තොටුපොලින් මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

එසේ ගොස් ඇත්තේ, මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් විසින් රඳවාගෙන සිටින තරුණ තරුණයින් 49 දෙනා සහ රුසියානු යුක්රේන යුද්ධයට හසුව සිටින ශ්‍රී ලාංකික සෙබලුන් බේරාගැනීමේ රාජතාන්ත්‍රික මෙහෙයුමක් වෙනුවෙන් බව සඳහන් වේ.

එහිදී පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් මාධ්‍ය වෙත පළ කළ අදහස්,

” අද දවසේදී අපි ඉතාමත්ම වැදගත් සංචාරයක් සඳහා පිටත්වීමට ගුවන්තොටුපලට පැමිණියේ. ප්‍රධාන වශයෙන්ම අද දවසේදී විපක්ෂ විදියට, සමගි ජන සන්ධානය විදියට ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සම්පූර්ණ උපදෙස් මත, අදහසක් අනුව අප උත්සාහ කරනවා මේ වෙනකොට මියන්මාරයේ රඳවාගෙන තිබෙනවා අපේ රටේ තරුණ දරුවන් 49 දෙනෙකුගේ ප්‍රමාණයක්. ඒ 49 දෙනා වගේම තමයි රුසියාවෙන් මේ වෙනකොට විශාල වශයෙන් ලංකාවේ සොල්දාදුවන් විවිධ ආකාරයට ඒ යුධමය තත්ත්වයන්ට හසු වෙලා ඉන්න ඔවුන් පිළිබඳවත් ඒ තොරතුරු නොමැතිව විවිධ ප්‍රශ්න ඇතිවෙලා තිබෙනවා. මේ නිසාවෙන් අපි විපක්ෂය විදියට ඵලදායක ක්‍රියාවලියක යෙදිලා තිබෙනවා. අපි පහුගිය කාලය තිස්සේම උත්සාහ කරා මේ දරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන ක්‍රියාවලිය පිළිබඳව. මා හිතනවා අපි පහුගිය මාස හතරක කාලයක් තිස්සේ අපි දැඩි උත්සාහයක් ගත්තා මේ දරුවන් පිළිබඳව කොයි ආකාරයට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේ කියලා. නමුත් අපි දැක්කා ඇත්තටම නේපාලය දරුවන් බේරාගෙන යනවා, ඒ වගේම තමයි උගන්ඩාවේ දරුවන් බේරාගෙන යන තත්ත්වයක් අපි දැක්කා. මේ ජාත්‍යන්තර අත්දැකීම් අනුසාරයෙන් අපි කල්පනා කරා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස මමත්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මැතිතුමත් සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මැතිතුමා ඇතුළු අපි මන්ත්‍රීවරු කණ්ඩායමක් විදියට, සමගි ජන සන්ධානය විදිහට අපි උත්සහ කරනවා මෙම දරුවන්ව කොයි ආකාරයට ද බේරා ගැනීම සඳහා කටයුතු ආරම්භ කරන්නේ කියලා. ඇත්තටම මේ පිළිබඳව අපි දුරස්ථව කතා කලා පහුගිය කාලය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විවිධ ආකාරයට. අපි තොරතුරු සොයා බැලුවා, මේ පිළිබඳ ව අධ්‍යයනය කරා. නමුත් මේ වෙනකොට ඉතාමත් බරපතල විදිහේ වද බන්ධනවලට ලක් වෙලා තිබෙනවා මේ මියන්මාරයේ දරුවන් 49 දෙනා. එනිසා මේ දරුවන්ගේ දෙමව්පියන්ගේ කඳුළු පිස දැමීමේ උත්සාහයක් තමයි විපක්ෂය කටයුතු කරන්නේ. අපි ආණ්ඩුවට විවිධ ආකාරයට මේ පිළිබඳව බලපෑම් කරා, කරුණාකරලා මේ පිළිබඳව රජයට, අමාත්‍යවරුන්ට මේ පිළිබඳව පෙන්වා දුන්නා, පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා ඵලදායක ක්‍රියාමාර්ග හරහා යම්කිසි විදිහකට තෙවන පාර්ශ්වයක් මැදිහත් කරගෙන මේ දරුවන් බේරා ගැනීමේ කටයුතු ආරම්භ කරන්න කියන එක පිළිබඳව.

අපි හෙට දවසේදී බැංකොක් නුවරට ගමන් කරනවා. ඉන්පසුව අපි මියන්මාරයේ යැංවුන් නුවර දක්වාත්, ඒ වගේම එරට බලධාරීන් සමගත්, ඒ වගේම තමයි ඒ වගේම තමයි මියන්මාරයට අමතරව අපි බලාපොරොත්තු වෙනවා තායිලන්තයේ අධිකරණ අමාත්‍යාංශයේ, විදේශ අමාත්‍යාංශයේ සහ human trafficing මේ පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා කරලා ආරම්භයක් විදිහට මේ දරුවන් ගෙන්වාගෙන මේ කටයුත්ත කඩිනම් කිරීම සඳහා තමයි අපි මේ උත්සාහය දරන්නේ. ඇත්තටම මේ පිළිබඳව අපි කොතරම් ලංකාව තුළ ඉඳගෙන කතා කරත් අපි විශ්වාස කරනවා රජය පිළිබඳවම විශ්වාසය තබන්නේ නැතිව රජයට සමහර කාරණාවන් වලදී අතගැසීමට අපහසු අවස්ථා තිබෙනවා. විශේෂයෙන්ම රාජතාන්ත්‍රික භාවයක් නොමැති තෙවන පාර්ශවයන් පිළිබඳව සාකච්ඡා කිරීමට සමහර වෙලාවට රජයට ඇති හැකියාව සීමිතයි. ඒ නිසා ඒ අවකාශය පාවිච්චි කරලා විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා අපට බලකර කියා සිටියා මේ සඳහා ඵලදායක ක්‍රියාවලියක් ආරම්භ කරන්න කියලා. ඒ නිසා එතුමාගේ සම්පූර්ණ අනුග්‍රහකත්වය, මග පෙන්වීම යටතේ මෙම ක්‍රියාවලියට අපි යොමු වෙලා තිබෙනවා. අපි විශ්වාස කරනවා මෙම 49 දෙනාගේ වගේම මේ දෙමව්පියන්ගේ කඳුළු පිස දැමීමේ කටයුත්ත අපිට කඩිනමින් කරන්න හැකිවේවි කියලා. අපි මේ ලබාගන්නා තොරතුරු අතිශය වැදගත් වෙනවා ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන්.

ඒ වගේම තමයි අපි රුසියාවේ මේ යුද්ධයට හසුවී සිටින සොල්දාදුවන් පිළිබඳවත් අපේ මේ සංචාරයේදී විශේෂ වශයෙන් අපි තොරතුරු සහ අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂ නායකතුමාගේ සහ මහනායක ස්වාමිපාදයන් වහන්සේලාගේ සංදේශ මෙම රටවලට භාර දීලා ඒ හරහා එම රටවල් වලට යම්කිසි ආකාරයක බල කිරීමක් කරන්න මේ දරුවන්ව මේ සොල්දාදුවන්ව මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා අපි දැඩි උත්සාහයක යෙදෙනවා

මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නය-:
මන්ත්‍රීතුමා මේ 49 දෙනාත් සොල්දාදුවෝ ද?

” නැහැ. ඇත්ත වශයෙන්ම මියන්මාරයේ රඳවාගෙන පරිගණක අපරාධවලට ලක් කරලා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ උගත් පරිගණක විද්‍යාව පිළිබඳව අවබෝධයක් තිබෙන තරුණයන්. මේ තරුණයන් සමහරු අවුරුදු දෙකක්, සමහරු දෙක හමාරක්, සමහරු මාස හයක් ඒ ආදී වශයෙන් විශාල කාලයක් මේ වෙනකොට ඔවුන් බලහත්කාරකමින් වධකාගාරවල රඳවාගෙන විවිධ වද බන්ධනවලට ලක් කරමින්, ඔවුන් කුරිරු මානසික සහ කායික වද බන්ධන වලට ලක් කරමින් වැඩ ගන්නවා. ඔවුන්ට කිසිදු ගෙවීමක් කරන්නේ නෑ. ඒ නිසා ජාත්‍යන්තරව ඒ වගේම තමයි විදේශගතව, සමහර වෙලාවට කොරියාවේ වෙන්න, රුසියාවේ වෙන්න පුළුවන්, ජාත්‍යන්තරය වෙන්න පුළුවන් කොහේ උනත් මොන ක්‍රමයට විදේශ ගත උනත් අපි මේ අය රටට එවන ඩොලර් භාවිතා කරල තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මොන ක්‍රමයට විදේශගතවුවත් වගකීම තිබෙන්නේ රජයටයි. ඒ නිසා අප විපක්ෂය විදිහට හුදෙක් විවේචනය කරමින් ඔබ්බට ගිහ ගිහින් ඵලදායී විපක්ෂ විදියට, අලුත් ඇහැකින් බලන විපක්ෂ නායකයෙක් විදිහට තමයි අපි දකින්නේ මේ උත්සාහයට මුලපුරපු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා.

අපි දන්නවා මේ වෙනකොට විශේෂයෙන්ම රුසියාවේ ඉන්න සොල්දාදුවන් වගේම තමයි තමයි. මියන්මාරයේ රඳවාගෙන තිබෙන තරුණයන් ඒ තරුණියන් අපි සමග කතා කරනවා වට්ස්ඇප් මාර්ගයෙන්. එම තොරතුරු අනුසාරයෙන් අපිට දැනගන්නට තිබෙන්නේ මේ වෙනකොට ඇත්ත වශයෙන්ම මියන්මාරයේ 56 දෙනෙකු රඳවාගෙන සිටියා. ඒ 56 දෙනාගෙන් අට දෙනෙක් රජය කියනවා බේරා ගත්තා කියලා. නමුත් හැබැයි ඒ බේරාගැනීම රාජතන්ත්‍රික ආකාරයට සිදුවුණාද කියන එක පිළිබඳව දැඩි සැකයක් අපට තිබෙනවා. ඇත්ත වශයෙන්ම පහුගිය කාලයේ ඒ ළමයින්ට දෙනා බේරාගැනීම කියන කාරණය සිද්ධ උනේ එක් කඳවුරක හුදෙකලා බවට පත්වුණා වුණා, එහි රැකවල්ලා සිටපු එම සොල්දාදුවන් ඉවත් වෙලා ගියා. ඊට පස්සේ මියන්මාර් පොලිසිය භාරයට ගත්තා. මියන්මාර පොලිසිය හරහා, ලංකාවට IMO එක හරහා, ඔවුන්ගේ අනුග්‍රහකත්වයෙන් ලංකාවට ගෙන ආවා. මම දන්නෑ එතන තිබෙන රාජතාන්ත්‍රික භාවය පිළිබඳව. කෙසේ වුණත් අපි කියනවා, අපි කිසිම ස්තුතියක් පළ කරනවා විදේශ අමාත්‍යවරයාටත්, විදේශ අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරා, ඒ ඉල්ලීම ඔහු සැලකිල්ලට ගත්තා. ඒ අනුව අපට අවසාන මොහොතේ විශාල වශයෙන් ඔවුන්ගේ ලබා දෙන්න පුළුවන් යම් යම් පහසුකම් පිළිබඳ අපට කතා කරා. නමුත් හැබැයි අපි කියන්න ඕනට මේ සඳහා සම්පූර්ණ බර පැන විපක්ෂයේ අප විසින් දරලා තමයි මේ කටයුත්ත දියත් කරලා තිබෙන්නේ


Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan