*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

රනිලුයි එජාපයයි හොඳටෝම බය වෙලාද ? මැතිවරණ කල්දාන යෝජනාව රංගේ කෙළින්ම එළියට දායි ! (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ වත්මන් පාර්ලිමේන්තුවේ ධුර කාලයන් තවත් වසර දෙකකට දීර්ඝ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

රටේ වත්මන් තත්වය අනුව මෙය අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්ව ඇතැයි පැවසූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේ ධුර කාලයන් දීර්ඝ කිරීම උදෙසා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටයි යෝජනා කළේ.

“මේ මොහොතේ රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබාගෙන ජාත්‍යන්තර ආයෝජන සහ සබඳතා වර්ධනය කරගනිමින් යන ගමනක් අපිට පෙනෙන්නට තිබෙනවා. ජාත්‍යන්තරය සමග තිබෙන එකඟතාවන් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. ඒ සම්බන්ධ දැනුම සහ හැකියාව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සතුවයි කියන එක අපි දන්නව. ඒ නිසා තවත් අවුරුදු දෙකකට මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුව තුළ යෝජනාව සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තිබෙනවා. ජනමත විචාරණයකට ගිහිල්ලා එය තහවුරු කර ගැනීම ඉන්පසු සිදු කරගත යුතු වෙනවා. වඩා ප්‍රායෝගිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට අනුව ඒ ඉටු කළ යුතු වෙනවා”

එජාප මහලේකම්වරයා මේ බව පැවසුවේ අද (28) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙය හුදෙක් ආණ්ඩු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කරන ලද ප්‍රකාශයක් නොව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විසින් කරන ලද ප්‍රකාශයක් බැවින් මෙය එජාපයේ නිල මතය වශයෙන් සැලකිය හැකිය.

රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් එහිදී ඡන්ද ලක්ෂ 100ක් ලබාගනිමින් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් පුන පුනා කියමින් සිටි එජාපය මෙසේ හදිසියේම ඊට සපුරා වෙනස් ජනමත විචාරණ කතාවක් පටන් ගැනීමෙන් පෙනී යන්නේ කුමක් නමුත් සිදුව ඇති බවකි …

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan