*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකන් ගන්න සමාගම් 06ක් එයි. තුනක් ගැන රජයේ විශේෂ අවධානය!

කොළඹ LNW: ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දෙවන අදියරට අනුව මෙම ආයතනය භාරගැනීම සඳහා ඉදිරිපත්ව ඇති ආයතන 06ක් අතුරින් 3ක් සඳහා රජයේ අවධානය යොමුව තිබේ.

දිගින දිගටම පාඩු ලැබීම හේතුවෙනුයි ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යොමුව තිබුණේ.

ඒ අනුව ෂෙරීෂා සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස්,එයාර් ඒෂියා කන්සල්ටින් සහ හේලීස් පුද්ගලික සමාගම යන සමාගම් වෙතයි රජයේ අවධානය යොමුව ඇත්තේ.

ෂෙරීෂා සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් දේශීය සමාගමක් වන අතර එහි නිර්මාතෘ ආර්. එම්. මනිවන්නන් මහතා මෙරට බලශක්ති අර්බුදය අවසන් කර රට යථාවත් කිරීමට ප්‍රමුඛ කාර්යයක් ඉටුකළ දේශීය ව්‍යවසායකයෙකු ලෙසයි ප්‍රකටයි.

මේ අතර ගුවන් සේවා උපදේශන ක්ෂේත්‍රයේ ප්‍රකට සමාගම් වන එය ශ්‍රී ලංකා ගුවන් සේවය නගා සිටුවීම පිළිබද නව යෝජනා ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

කෘෂිකර්මාන්තයේ සිට සැපයුම් සේවා හා ප්‍රවාහනය දක්වා මෙරට විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් ලෙස හේලීස් සමගම ප්‍රකටව සිටියි.

ඒ අනුව මෙම සමාගම් තුන සම්බන්ධයෙන් වන තක්සේරුවෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සෙසු කටයුතු ක්‍රියාත්මක වනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan