සටහන – රුවන් නෙළුගොල්ල
දකුණු කළුතර, මුස්ලිම් පල්ලිය පාර, වෙට්ටුම කඩේ ප්රදේශයේ දී අද (28) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ.
අද උදෑසන 9.00 ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ව්යාපාරිකයකු ඉලක්ක කරගෙන මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.


