සටහන: සශිකලා මධුෂාණි
මැයි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන හා එහි සහාය ලබන ෂියා මිලීෂියා කණ්ඩායම්වලින් නැවත කුවේටයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
පසුගිය අඟහරුවාදා(26) ඇමරිකානු හමුදාව විසින් තාවකාලික සටන් විරාමය උල්ලංඝණය කරමින් හෝමූස් සමුද්‍ර සන්ධියේ ඇමරිකානු හමුදාවන්ට සහ සමුද්‍රීය ගමනාගමනයට තර්ජනයක් වන බවට චෝදනා කරන ඉරාන හමුදා ස්ථානයක් වන බන්ඩාර් අබ්බාස් අසල ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර දියත් කිරීමෙන් අනතුරුව කුවේටය වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇත.
මිට අමතරව එක්සත් ජනපද මධ්‍යම අණදෙන බලකායන් නිවේදනය කර තිබුණේ, හෝමූස් සමුද්‍ර සන්ධිය වටා එල්ල කරන ලද ඉරාන ප්‍රහාරක ඩ්‍රෝන යානා හතරක් වෙඩි තබා බිම දැමූ බවයි.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් එක්සත් ජනපද ප්‍රකෝපකාරී ආක්‍රමණ දිගටම පැවතුනහොත් වඩාත් තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු ඇඟවා ඇත.
ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල් යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා සම්බන්ධයෙන් වොෂින්ටනය සහ ටෙහෙරානය පරස්පර ප්‍රකාශ නිකුත් කර ඇති අතර, ගිවිසුමකට එළඹීම සඳහා ඉරානයට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමක් සිදු නොවන බවයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ,

