Tuesday, October 3, 2023
spot_img

Latest Posts

අනුර කොළඹ වටළන අරගලය ජුනි 08 වනදායින් ඇරඹීමට සැරසෙයි ! (VIDEO)

ජුනි 09 වනදා වනවිට පළාත් පාලන මැතිවරණය කල්දමා මාස 3ක් සම්පූර්ණ වන බවත් ඊට එරෙහිව, පළාත් පාලන මැතිවරණය ලබාගැනීම වෙනුවෙන් ජාතික ජන බලවේගය ජුනි 08 වනදා නැවතත් සටනක් ආරම්භ කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ අනුව සිය පක්ෂයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂක අපේක්ෂිකාවන් ජුනි 08 වනදා මැතිවරණ කොමිසම ඉදිරියට යන බවත් ඉන් අනතුරුව හම්බන්තොට, අනුරාධපුර සහ ගම්පහ යන ප්‍රදේශවල දැවැන්ත උද්ඝෝෂණ පවත්වන බවත් ඒ මහතා සඳහන් කළේය.

එම උද්ඝෝෂණවලින් පසුව කොළඹ වටළමින් මහා ජන සටනක් දියත් කිරීමට තම පක්ෂය සූදානම් බවත් ඒ මහතා අවධාරණය කළේය.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (27) බලපිටිය ප්‍රදේශයේ පැවති ජාජබ ආසන සමුළුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.