ඉන්ධන කෝටාව වැඩි කිරීමට තීරණයක්. නව ප්‍රමාණයන් මෙන්න !

Date:

QR කේත ක්‍රමය යටතේ වාහන සඳහා ලබාදී ඇති ඉන්ධන කෝටාව වැඩි කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මෙම වැඩිකිරීම ලබන අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව සතියකට ලීටර් 22ක් සහ අනෙකුත් ත්‍රීරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් ලබාදීමට නියමිතය.

එමෙන්ම යතුරුපැදි සඳහා සතියකට ලීටර් 14ක ඉන්ධන කෝටාවක් ලබාදීමට නියමිතය.

මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40ක් ලබාදෙන අතර, බස් රථ සඳහා සතියකට ලීටර් 125ක ඉන්ධන කෝටාවක් ලබාදීමට නියමිතය.

වෑන් රථ සඳහා ලබා දී තිබූ ලීටර 30ක ඉන්ධන කෝටාව ලීටර 40 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මේ අතර, ලොරි රථ සඳහා ලීටර 75ක්ව පැවැති ඉන්ධන කෝටාව ලීටර 125ක් දක්වා ඉහළ දමා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශෂීන්ද්‍ර තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර...

චෝදනා දෙකකට වරදකරු වූ අලි රොෂාන්ට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත්...

ට්‍රම්ප්ගේ ඇමරිකානු තීරුබදු තර්ජන හමුවේ කැනඩාව සහ මෙක්සිකෝව එක්ව කටයුතු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...