සුපිරි බොලිවුඩ් නළු රන්වීර් සිංට චිත්‍රපට තහනමක් පැනවේ ද?

සටහන: සශිකලා මධුෂාණි
මැයි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
සුපිරි බොලිවුඩ් නළු රන්වීර් සිං මේ දිනවල ඔහු ඉන්දීය සිනමා සංගමයක් සමඟ ඇති කරගත් දැඩි මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් විශාල අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.

එනම්, ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘ඩොන් 3‘ චිත්‍රපටයෙන් හදිසියේ ඉවත් වීමත් සමඟ එම චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමට පූර්ව නිෂ්පාදන කටයුතු සඳහා රුපියල් මිලියන 450 ක් වියදම් වීමෙන් සිදු වූ පාඩුව වෙනුවෙන් බොලිවුඩ් කම්කරු සංගමයක් වන බටහිර ඉන්දීය සිනමා සේවක සම්මේලනය (FWICE) රන්විර් සිංට එරෙහිව සහයෝගය නොදැක්වීමේ නියෝගයක් නොකුත්කර තිබේ.

එම නියෝගයට අනුව, බොලිවුඩ් කම්කරු සංගමයක් වන බටහිර ඉන්දීය සිනමා සේවක සම්මේලනය(FWICE) රන්විර් සිං සමඟ වැඩ නොකරන ලෙස ඉන්දියානු කලාකරුවන්ගෙන් ඉල්ලා ඇත.

බටහිර ඉන්දීය සිනමා සේවක මණ්ඩල සම්මේලනය (FWICE) චිත්‍රපට සහ රූපවාහිනී කාර්ය මණ්ඩල සාමාජිකයින් 500,000 කට අධික සාමාජික පිරිසක් නියෝජනය කරන අතර මෙය මුම්බායි සහ බටහිර ඉන්දියාව පුරා විසිරී ඇති සිනමා ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීය සමිති සහ සංගම් 38 ක ප්‍රධාන මව් සංවිධානය ලෙස ක්‍රියා කරනු ලබයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් FWICE ප්‍රකාශ කර තිබුණේ, සිං ඔහුගේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටියද ඔහු එය ප්‍රතික්ෂේප කළ බවයි.

කෙසේ නමුත් මෑතකදී තිරගත වූ ඔහුගේ “Dhurandhar” චිත්‍රපටයද ඉතා සාර්ථක වූ බැවින් බොලිවුඩය තුළ රන්වීර් සිංගේ ඉල්ලුම තවමත් ඉහළ මට්ටමක පවතින අතර බොලිවුඩ් විචාරකයන් පවසන්නේ FWICE භාහිර සංවිධානයක් වන බැවින් රන්වීර් සමඟ චිත්‍රපට කිරීමට කැමති වෙනත් ප්‍රධාන පෙළේ නිෂ්පාදකවරුන්ට සහ අධ්‍යක්ෂවරුන්ට ඔහු සමඟ දිගටම වැඩ කිරීමට බාධාවක් නොවනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...