නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ජුලි මස 07වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

එම නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අද (29) අවසන් කර ඇත.

ඉන් අනතුරුව මෙම නඩුව ජුලි මස 07වනදා විභාගයට ගැනීමටද අධිකරණය දින නියම කර තිබේ.

රුපියල් මිලියන 70ක මුදලක් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර

2012 වසරේදී කොළඹ කොටුව ප්‍රදේශයේ අක්කර 4.3ක භූමි භාගයක් Krrish Tranceworks Square ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු සමාගමකට බදු දීමේදී ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව දියුණු කිරීම සඳහා යැයි පවසමින් ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුගෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගත් බවට නාමල් රාජපක්ෂ වෙත චෝදනා එල්ල වී තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...