මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට

බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට යොමුකර ඇති බව වාර්තා වේ.

2015 ජනාධිපතිවරණ සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළ බවට වූ චෝදනාවන්ට ඔවුන් වැරදිකරුවන් වශයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (29) තීන්දු කළ අතර හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවමක් ද හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවමක් ද නියම කරන ලදී.

ඒ අනුව ඔවුන් දෙදෙනාව වැලිකඩ බන්ධනාගාරයට ගෙනයනු ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...