ඉදිරි මාස කිහිපය තුළ ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ණය මුදලක් ලබාදීමට එකඟ වූ බවට විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා සිදුකර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ලෝක බැංකුව පවසනවා.
ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින සඳහා වන අධ්යක්ෂ ෆරීස් එච්. හදාද් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ මෙරට තුළ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරන තෙක් මුල්‍ය පහසුකම් සැළසීම පිළිබඳව සලකා බැලිය නොහැකි බවයි.
පවතින තත්වය යටතේ කිසිදු ආධාරයක් ලබාදීමට හැකියාවක් නොමැති බවත්, ලෝක බැංකුවේ මෙරට නේවාසික කළමනාකාරී චියෝ කන්දා මහත්මිය ණය ලබාදීම සඳහා කිසිදු පොරොන්දුවක් ලබා දී නොමැති බවත් ලෝක බැංකු අධ්යක්ෂවරයා අවධාරණය කරයි.
UN