ජාත්යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තද තීරණයක් ගැනීමට සූදානමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව එළඹෙන ජුලි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වා නව සභාපතිවරයකු සහ නිලධාරී මණ්ඩලයක් ඡන්දයෙන් පත්කර ගැනීමට කටයුතු නොකරන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ලබාදෙන අරමුදල් අත්හිටුවීමට තීරණය කිරීමට ICCය සාකච්ඡා කරමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.


