අද දිනයේත් සූර්ය පැනල ක්‍රියා විරහිත කර තබන්නැයි ඉල්ලයි

සටහන – රුවන් නෙළුගොල්ල

අද (31) දිනයේ ද පෙරවරු 08.00 සිට පස්වරු 03.00 දක්වා වහළ මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම සූර්ය පැනල පද්ධති හිමි විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

හදිසි විදුලි බිඳවැටීමක් ඇතිවීම වලක්වා ගනිමින් පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා මෙසේ ස්වේඡාවෙන් තම සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙසයි එම සමාගම ඉල්ලා ඇත්තේ.

ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් ඊයේ (30) දිනයේදී ඇතැම් ප්‍රදේශවල විදුලිය බිඳවැටීම් වාර්තා වී තිබිණි.

ඒ වෙසක් පොහොය සහ දීර්ඝ සති අන්තය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ විදුලි ඉල්ලුම පුරෝකතනය කළ කාලසීමාවට වඩා ශීඝ්‍රයෙන් පහළ යාම හා සූර්ය පැනල මගින් ජනනය වන විදුලිය ප්‍රමාණය ඉහළ අගයක් ගැනීම හේතුවෙනි. ඒ අනුව ඊයේ දිනයේද ප.ව. 03.00 දක්වා වහල මත සූර්ය පැනල සවි කර ඇති හිමිකරුවන්ට එම සූර්ය පැනල ස්වෙච්ඡාවෙන් විසන්ධි කරන ලෙස ඉල්ලීමක් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...