වීදි සංචාරයට එක්වූ ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහැර!

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික වෙසක් පෙරහර මංගල්‍යය සිරිත් පරිදි ඊයේ (30) පස්වරුවේ වීදි සංචාරයට එක් විය.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දිනයේ උපසම්පදා පෙරහැරෙන් අනතුරුව වෙසක් පෙරහැර වීදි සංචාරයට එක් වන අතර සම්ප්‍රදායානුකූලව එය ශ්‍රී දළදා මාලිගාවේ දේවාල චතුරස්‍රය තුළ ගමන් ගැනීම සිදුවේ.

ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවෙන් පිටවූ වෙසක් පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, ඔස්සේ ගමන් කොට පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීදිය හා රජ වීදිය ඔස්සේ ගමන් කොට යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවදීම සිදුවිය.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඉන්දිරාජා ඇතු විසින් සධාතුක පෙරහර කරඬුව වැඩම කර වූ අතර දෑලේ ගමන් ගත්තේ දළදා මාළිගා ඇත් පන්තියට අයත් සින්දු ඇතු සහ දෑල වලව්වේ බණ්ඩාර හස්තියාය.

ශ්‍රී දළදා මාලිගාවේ කාරිය කරවන කෝරාළ පෙරහරේ ගමන් කිරීම මෙහිදී සිදුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...