සටහන: සශිකලා මධුෂාණි
මැයි 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල් ට්‍රම්ප් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ධවල මන්දිරය විසින් නිකුත් කරන ලද වර්තාවක සඳහන් වේ.
ජනාධිපති වෛද්‍ය ෂෝන් බාබබෙල්ලා මෑත කාලීන පරීක්ෂණ මත පදනම්ව සඳහන් කර තිබුණේ, ජනාධිපති ට්‍රම්ප් සියලු රාජකාරි ඉටු කිරීමට සම්පූර්ණයෙන්ම යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන අතර ශක්තිමත් හෘද, පෙනහළු, ස්නායු හා සමස්ත ශාරීරික ක්‍රියාකාරිත්වයක් ප්ර්න්නුම් කරන බවයි.
උස අඩි 6 අඟල් 3 සහ බර 108KG යුතුව මෙම වසරේ 80 වන වියට පා තබන ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයට තේරී පත් වූ වයස්ගතම ජනාධිපතිවරයා වන අතර ට්‍රම්ප්ගේ ඉදිමුණු වළලුකර, තැළුණු අත් සහ ලප සහිත බෙල්ල අවස්ථා ගණනාවකදී ජයාරූපගතව සමාජ මාධ්‍ය හරහා වේගයෙන් ව්‍යාප්ත වෙමින් කතා බහට ලක්විය.
ජනාධිපති ට්‍රම්ප්ට පෙර ජනාධිපති දුරය දැරූ ජෝ බයිඩන් වයස අවුරුදු 82 ක් වූ අතර ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධුරයට පෙර ඕවල් කාර්යාලයෙන් පිටව යන විට ඔහුගේ මානසික තත්වය පිළිබඳ දැඩි ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදු වී තිබිණි.

