*
Friday, October 4, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/31

  1. දකුණු අප්‍රිකාවෙන් ලද අත්දැකීම අනුව ශ්‍රී ලංකාවේ ද සත්‍යය සහ සංහිඳියාව යාන්ත්‍රණයක් (Truth and Reconciliation Mechanism) ස්ථාපිත කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වූ අතර, එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි: දකුණු අප්‍රිකාවේ සත්‍යය හා සංහිඳියාව කොමිසම අධ්‍යයනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි දකුණු අප්‍රිකාව වෙත පිටත්ව ගිය බව ද සඳහන් කරයි.
  2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කලමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා (Kenji Okamura) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතය: එම සංචාරයේදී ජනාධිපති, මුදල් අමාත්‍යංශ නිලධාරීන්, සහ මහ බැංකු නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිත ය: “ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩසටහනේ මෑත කාලීන ප්‍රවණතා, ඉදිරියේදී ලැබෙන ආර්ථිකය සවිබල ගැන්වීමේ අවස්ථා, සහ බාධා සහ ප්‍රමාදයන් අවම කර ගැනීමේ ක්‍රම” පිළිබඳව ඔකමුරා සමඟ සාකච්ඡාවට බඳුන් වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි: බොහෝ පාර්ශව විසින් පෙන්වා දුන් පරිදි ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැන් කලමනාකරණය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අභිමතය අනුව බව ඔකමුරා ගේ පැමිණීම සහ න්‍යාය පත්‍රයෙන් තහවුරු වන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
  3. ඉන්දියාවෙන් ලද ණය පහසුකමෙන් වෙන් කළ මුදලින් ඇ.ඩො. මිලියන 423 ක් ම භාවිතා කර නොමැති බැවින්, ඇ.ඩො. මිලියන 1,000 පහසුකම තවත් වසරක කාලයකට දීර්ඝ කිරීම සඳහා ගිවිසුම්ගත වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
  4. “සිසු සැරිය” පාසල් බස්රථ සේවාව සඳහා රජයට තවදුරටත් අරමුදල් සැපයිය නොහැකි බව ගමනාගමන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි: රජයට දැරිය හැක්කේ වියදමින් 70% පමණක් වන අතර, ඉතිරිය දෙමාපියන්ට දැරීමට සිදුවනු ඇති බව ද පවසයි.
  5. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, දේශපාලන ස්වාධීනත්වය සහ සමාජ-ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීනය ශ්‍රී ලංකාව සමඟ සිටින බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සුන් වෙයිදොංග් (Sun Weidong) පවසයි: ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, වෙළඳ සහ වාණිජ කටයුතු, වරාය, සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනයේ ආයෝජන ඉහළ දැමෙනු ඇති බව ද පවසයි.
  6. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ පෙනී සිටින ලෙස නිකුත් කළ විධානය මඟ හැරීම පිළිබඳව බදුල්ල දිස්ත්‍රික් පා.ම. වඩිවෙල් සුරේෂ් සහ කළුතර දිස්ත්‍රික් පා.ම. වෛද්‍ය රාජිත සේනාරත්න යන අයට සමඟි ජන බලවේගය විසින් හේතු දැක්වීම් (Show cause) ඉදිරිපත් කරන මෙන් ඉල්ලා ලිපි නිකුත් කර තිබේ.
  7. 2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල 2023 අගෝස්තු වන විට නිකුත් කිරීමට තමා අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
  8. පාස්ටර් ජෙරෝම් ප්‍රනාන්දු සහ නතාශා එදිරිසූරිය යනු, සමාජය මුහුණ පාන සැබෑ ගැටළුවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා රජය විසින් තිරරචනය කරන ලද නාටකයක රංගධරයන් බව නිදහස ජනතා සභාවේ පා.ම. ඩිලාන් පෙරේර චෝදනා කරයි: මෙවන් ගැටළු හරහා උද්ධමනය, X-Press Pearl ව්‍යසනයට අදාළ වන්දි ලබා ගැනීම, සහ බොහෝ මිනිසුන්ගේ ඇස් අන්ධ කළ ලාභ ඖෂධ වැනි මූලික ගැටළු වලින් ජනතා අවධානය වෙනතකට යොමු කරන බව ද පවසයි.
  9. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අත්හැර දැමූ කොළඹ සැහැල්ලු දුම්රිය ධාවන (Light Rail Transit) ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි: මෙම ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් ඇ.ඩො. බිලියන 2 තරම් වූ අතිවිශාල ණය මුදලක් ලබා දීමට නියමිත බව සඳහන්: මෙමඟින් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය යළි ස්ථාපිත කරනු ඇති බව ද පවසයි.
  10. ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟ දෙක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබේ: ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, 20 හැවිරිදි IPL වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එම කණ්ඩායමට ඇතුළත් ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan