කෘෂිකර්මාන්තය ඩිජිටල්කරණයට!

කොළඹ LNW:මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (Bill and Melinda Gates foundation) සාමාජිකයන් ද එක්ව සිටියහ.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවීකරණය, පෝෂණය, දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ මූල්‍ය සුරක්ෂිතතාවය යන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමේදී දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ප්‍රවේශය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර මේ සම්බන්ධයෙන් දැනට ගෙන ඇති පියවර ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ සඳහා මූල්‍යමය අධාර හා නවීන තාක්ෂණය සැපයීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති හා රෙගුලාසි වලට යටත්ව මැදිහත්විය හැකි බවට ජනාධිපතිවරයා වෙත සහතික වූ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ නිලධාරීන් ඒ පිළිබඳ දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළහ.

එමෙන්ම යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයේ කටයුතු සම්බන්ධව ද මෙහිදී අවධානය යොමු කර ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරුන් වන වර්නන් පෙරේරා, චාන්දනී විජේවර්ධන, ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු හා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ හා සර්වෝදය පදනමේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...