ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ දැමීමට රජයේ අවධානය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා යොදා ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා එසේ පැවසීමට හේතුව වූයේ  ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු වීමයි.

ඉදිරි කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහත යන ආකාරය නිරීක්ෂණය කරමින් මසකින් රැස්වී අදාළ මිල ගණන් පහත දමන ප්‍රතිශතය නිශ්චිත දැනුම් දීමට කටයුතු කරන බවඳ රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළ අතර තවදුරටත් අමාත්‍යවරයා පැවසූවේ ,

“මහ බැංකුව මම දැක්කා කියනවා රුපියල මාස කිහිපයක් තුළ 20%කින් විතර ශක්තිමත් වෙලා තියෙනවා කියනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා අපිට නියම කළා රුපියලේ අගය ශක්තිමත් වීමට සාපේක්ෂව ඉදිරිකිරීම් ක්ෂේත්‍රයට ගන්න ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන නිසා දැනට මේ ද්‍රව්‍යවල මිල අඩුවීම සාධාරණ ද කියන එක ගැන බලන්න. මොකද අපි සාමාන්‍යයෙන් දන්නවා මිල වැඩිවීමකට සාපේක්ෂව ඩොලරය වැඩිවීමට සාපේක්ෂව ද්‍රව්‍යවල මිල වැඩිවීමේ වේගයෙන් අඩුවීම සිද්ධවෙන්නේ නෑ. ඒ නිසා නීතියානුකූල මඟපෙන්වීමක් කරන්න වෙනවා ආර්ථිකය යථා තත්ත්වයට ගන්න. ඒක තමා මේ කරන්නේ.”
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...