ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ දැමීමට රජයේ අවධානය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා යොදා ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා එසේ පැවසීමට හේතුව වූයේ  ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු වීමයි.

ඉදිරි කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහත යන ආකාරය නිරීක්ෂණය කරමින් මසකින් රැස්වී අදාළ මිල ගණන් පහත දමන ප්‍රතිශතය නිශ්චිත දැනුම් දීමට කටයුතු කරන බවඳ රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළ අතර තවදුරටත් අමාත්‍යවරයා පැවසූවේ ,

“මහ බැංකුව මම දැක්කා කියනවා රුපියල මාස කිහිපයක් තුළ 20%කින් විතර ශක්තිමත් වෙලා තියෙනවා කියනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා අපිට නියම කළා රුපියලේ අගය ශක්තිමත් වීමට සාපේක්ෂව ඉදිරිකිරීම් ක්ෂේත්‍රයට ගන්න ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන නිසා දැනට මේ ද්‍රව්‍යවල මිල අඩුවීම සාධාරණ ද කියන එක ගැන බලන්න. මොකද අපි සාමාන්‍යයෙන් දන්නවා මිල වැඩිවීමකට සාපේක්ෂව ඩොලරය වැඩිවීමට සාපේක්ෂව ද්‍රව්‍යවල මිල වැඩිවීමේ වේගයෙන් අඩුවීම සිද්ධවෙන්නේ නෑ. ඒ නිසා නීතියානුකූල මඟපෙන්වීමක් කරන්න වෙනවා ආර්ථිකය යථා තත්ත්වයට ගන්න. ඒක තමා මේ කරන්නේ.”
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...