තායිවාන් විවෘත තරගාවලියේ මීටර් 400 කාන්තා සහ පිරිමි වාර්තා තරුශිට සහ අරුණට,තරුශිගෙන් ලංකාවේ හොඳම 400 තෙවන කාලය

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 01, කොළඹ (LNW):


තායිවාන් වීවෘත මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 400 පිරිමි සසහ කාන්තා තරග නව තරග වාර්තා තබමින් ජයගන්නට අරුණ දර්ශණ සහ තරුශි කරුණාරත්න සමත් වුණා.
කාන්තා තරගය ජය ගනිමින් තරුෂි කරුණාරත්ක හ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 400 ඉසව්ව නිමා කිරීම සඳහා ක්‍රිඩිකාවක වාර්තා කළ හොඳම තෙවැනි කාලය වාර්තා කරන්නට සමත් වුණා.ඇය මෙම ඉසව්ව ජය ගැනීම සඳහා වාර්තා කළ කාලය තත්පර 52.48 ක් ලෙස සටහන් වුණා.එය තායිවාන් විවෘත මලල ක්‍රීඩා සූරතාවලියේ මිටර් 400 කාන්තා ඉසව්වේ පැවති වාර්තාව වූ තත්පර 52.74 ඉක්මවා යාමක්.


එසේම අරුණ දර්ශණ ද මීටර් 400 පිරිමි ඉසව්වේ තායිවාන් වීවෘත තරගාවලියට අදාළ තත්පර 46.35 ක වාර්තාව මකා දමමින් එය සිය නමට ලියා ගැනීමට සමත් වුණේ තත්පර් 45.81 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ ප්‍රථමයා වෙමින්.


මීට පෙර ඇයට වඩා හොඳ කාලයක් වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා වාර්තාව හිමි දමයන්ති දර්ශා සහ (ජාතික වාර්තාව තත්පර 51.05) චන්ද්‍රිකා සුභාෂීණි රස්නායක (තත්පර 52.36) පමණි.හෙට තරුශි තමන්ගේ වඩා විශ්වාසවන්ත ඉසව්ව වන මීටර් 800 තරගයට සහභාගි වීමට නියමිතයි.ඇයට ඒ සඳහා මෙම ඉසව්වෙන් ඇති කර ගත් විශ්වාසය හොඳ ප්‍රතිපලයක් කරා යාමට බෙමෙවින් උපකාර කරනු ඇතැයි විශ්වාස කළ හැකියි.


කාන්තා මීටර් 400 තරගයට ඉදිරිපත් වුණ නදීශා රාමනායකට හිමි වුණේ සිව්වන තැනයි.ඇය එහිදී තත්පර 53.93 ට ඉසව්ව නිමා කරන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...