*
Saturday, December 14, 2024
spot_img

Latest Posts

1500 න් දිනූ රිදී පදක්කමට වඩා වැඩි වටිනාකමක්,මීටර් 800 න් ලංකාවට දෙන්න පූජනීය ගයන්නතිකාට අවස්ථාව

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 01, කොළඹ (LNW):

අද දිනය නිමාවන විට ශ්‍රී ලංකාව තායිවාන් විවෘත මලල ක්‍රිඩා සූරතාවලියේ ප්‍රථම ස්ථාන දෙකක් සහ එක් දෙවන ස්ථානයක් දිනා ගැනීමට සමත්ව සිටිනවා.මිටර් 400 කාන්තා සහ පිරිමි ඉසව් දෙකෙන්ම ප්‍රථම ස්ථානය දිනා ගැනිමට තරුෂි කරුණාරත්න සහ අරුණ දර්ශන සමත් වූ අතර මීටර් 1500 කාන්තා තරගයේ දෙවන තැන දිනා ගන්නට ගයන්තිකා අබේරත්න සමත් වුණා.


ඇය එහිදී වාර්තා කළ කාලය වූයේ විනාඩි 4:24.66 ක් වන අතර ගයන්තිකාගේ මේ ඉසව්වේ හොඳම කාලය වන්නේ විනාඩි 4:-9.12 ක් ලෙස සඳහන් වෙනවා.ගයන්තිකා ද හෙට මීටර් 800 ඉසව්වට තරග වඳින අතර ආසියානු පදක්කම්ලාභි සහ ශ්‍රී ලංකා වාර්තාලාභි තරුශි කරුණාරත්නට වඩා ඇය ප්‍රසාද ඔලිම්පික් සටහනේ ඉදිරියෙන් සිටිනවා.එහෙත් තරුශි ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබීමේ කාලය වන විනාඩි 2;59.30 ට ආසන්නයෙන්ම සිටින ක්‍රීඩිකාව වන බැවින් හෙට තරගයේ තරගකාරී වේගය වැඩි කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ගයන්තිකා හොඳ සහයක් ලබා දෙනු ඇතැයි සිතන්නට පුළුවන්.


මන්ද! තරුශි ආසියානු සූරතාවලිය සහ ආසියානු ක්‍රීඩා උළෙල ජයග්‍රහණ සම්බන්ධයෙන් අදහස් දක්වද්දී ද පවසා සිටියේ ඇයගේ වයසට ආසන්න මලල ක්‍රීඩාව සම්බන්ධ දීර්ඝ අත්දැකීමක් ඇති ගයන්තිකා තමාට ක්‍රීඩා ඉසව්ව ගැන මෙන්ම ක්‍රීඩක ජීවිතය ගැන ද විශාල වශයෙන් ලබා දුන් උපදෙස් සහ දිරිගැන්වීම් මෙන්ම ඉසව්වේ දි ලබා දුන් සහය ද සිය ජයග්‍රහණ කෙරෙහි තදින් බල පෑ බවයි.
සමහර අවස්ථාවල සමහර ක්‍රීඩිකාවන්ට සිය රට නියෝජනය කරමින් ඔලිම්පික් තරගයකට සහභාගිවීම සිහිනයක් ලෙසම පැවතියදී ඇයට ක්‍රීඩාවට සමුදෙන්න සිඳුවිම සාමාන්‍ය සිඳුවීමකි.එහෙත් ඇය සිය අත්දැකීම් තරගයකදී යොදා ගනිමින් ඔලිම්පික් නියෝජනය සඳහා වෙනත් ක්‍රීඩිකාවන්ට ලබා දී ඇති සහයෝගය අති විශිෂ්ඨය.ගයන්තිකා ද ඔලිම්පික් නියෝජනය මඟ හැරුණ ද,2000 වර්ෂයේ පමණ සිට සිය මලල ක්‍රීඩා ජීවතය පාසල් මට්ටමෙන් ඉදිරියට ගෙනා අතර ඇය පසුපස පැමිණ ඉතා ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වි ජාත්‍යන්තර ජයග්‍රහණවලට යන්නට මෙන්ම ඔලිම්පික් නියෝජනයට සුදුසුකම් ලබා ගත් ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් හඳුනා ගන්නට හැකිය.


ඉකුත් ඔලිම්පික් උළෙල නියෝජනය කළ නිමාලි ලියනාරච්චි ද ගයන්තිකා සහ ඇයගේ සොහොයුරිය නිලංකා සංජීවනී සමඟ සූරියවැවෙන් මලල ක්‍රීඩාව ආරම්භ කළ ක්‍රීඩිකාවකි.එවකට මේ තිදෙනාම සුජිත් අබේසේකර යටතේ තරග කළ ක්‍රීඩිකාවෝය.අද වන විට ජාතික වාර්තා කිහිපයක්ම සිය නමට ලියා ගැනීමට කටයුතු කර තිබෙන ගයන්තිකා සජිත් ජයලාල් යටතේ පුහුණුව ලබන්නේය.ඇය නිමාලි ඔලිම්පික් සුදුසුකම් ලැබීමේදි ද ඇය දුවන ලද බොහෝ ධාවන තරගවල තරගයේ වේගය වැඩි කරමින් හොඳ කාලයක් වාර්තා කරන්නට අනියමෙන් සහය දුන් ක්‍රීඩිකාව වූවාය.දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ දී ඩිල්ශි කුමාරසිංහට ද ඒ සහයම ලබා දුන්නාය.දැන් ඇය තරුශිගේ ගමණට රුකුල් සපයන්නීය.එවැනි ක්‍රීඩිකාවන් ඔලිම්පික් සුදුසුකම් ලැබුව ද,නොලැබුව ද,නිරන්තරයෙන් රටේ ක්‍රීඩා බලධාරීන් අනාගතය වෙනුවෙන් ආදර්ශමත් ක්‍රීඩිකාවක් ලෙස සළකා ඉහළ ඇගයීමක් දිය යුතුය.තමන් ගැන නොව රට දිනවන්න දුවන්නට ඊළඟ පරම්පරාවට ඒ ඇගයීම හොඳ මාර්ගෝපදේශනයක් මෙන්ම ශක්තියක්ද වනු නිසැකය.


සැපවින්ම ගයන්තිකා ලංකාවේ මලල ක්‍රීඩාවේ ඉහළ පිදිමක් දී ඇගයීමක් කළ යුතු සුවිශේෂී හැරවුම් ලක්ෂ ගණනකට සිය ජවය මුසු කළ ක්‍රීඩිතාවක්ය.තායිවානය දිනුවත් නැතත් ඇයට නිසි ඇගයීමක් දෙන්නට ක්‍රීඩා බලධාරීන් පියවර ගත යුතුය.මීටර් 800 වර්ථමානයේ තරුශි සිටින ඉහළ මට්ටම අති විශිෂ්ඨ බවට විවාදයක් නැත.එහෙත් වර්ථමානය එවැනි මට්ටමකට උසස් කරන්නට ගයන්තිකා මෙන්ම නිමාලි ලියනආරච්චි ද දෙස් විදෙස් ක්‍රීඩා පිටිවල ලංකාව වෙනුවෙන් හෙලුව දහඩියට ඔවුන් අනාගතයට වටිනා සටහනක් බවට පත් කළ යුතු ඇගයීමක් ලංකාවේ ඉහළම ක්‍රීඩා පරිපාලනය විසින් කළ යුතු බව අපි විශ්වාස කරමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan