ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා විසින් පසුගිය 30 වනදා තරමක් අමුතු ෆේස්බුක් සටහනක් තබා තිබේ.
එයින් දැක්වෙන්නේ “සමහර තනතුරු ලැබෙන්නෙ තිබුනු දේත් නැතිවෙලා යන්න.” යනුවෙනි.

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂතම ධාවන ශූරයකු වන සුගත් තිලකරත්න මහතා 2024 වසරේදී පළමුවරට පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසියේ ය. ඔහුට නියෝජ්‍ය අමාත්ය ධුරයක් ද හිමිවූ නමුත් යම් යම් තත්වයන් මත ඔහු කළකිරීමෙන් පසුවන බවටත් ඔහු මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වී රටහැර යාමට සූදානම් වන බවටත් විවිධ කටකතා පසුගිය සමයේ පැතිර ගොස් තිබිණි. මේ ෆේස්බුක් සටහන ඒවාට සම්බන්ධ එකක්දැයි අප දන්නේ නැත …


