ඉරාන ජනාධිපතිවරයා ඉල්ලා අස්වේ ද?

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාම සාකච්ඡා කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමුව තිබෙන අවස්ථාවක ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ කාර්යාලයට නිල ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සිය ඉල්ලා අස්වීමේ ලිපියේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ( IRGC) විසින් ජනාධිපතිවරයාගේ බලතල සිමා කරමින් රජය පවත්වාගෙන යාමට සහ ඔහුගේ නීතිමය වගකීම් ඉටු කිරීමට නොහැකි මට්ටමේ කරුණු ලබන බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බවයි සඳහන් කරන්නේ,

කෙසේ නමුත්, ඉරාන රජය ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර මසූඩ් පෙසෙෂ්කියන්ගේ කාර්යාලය විසින් නිල ප්‍රකාශයක් හෝ යාවත්කාලීන කිරීමක් මෙතෙක් නිකුත් කර නොමැත.

2024 වර්ෂයේදී ජන්ද මිලියන 16.3 ලබා ගනිමින් ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ පෙසෙෂ්කියන් ප්‍රතිසංස්කරණවාදී අපේක්ෂකු, පුහුණු හෘද ශල්‍ය වෛද්‍යවරයකු සහ නීති සම්පාදකයෙකු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...