යුක්රේනයට එල්ල වූ රුසියානු ප්‍රහාරවලින් 12 ක් මිය ගොස් විශාල පිරිසකට තුවාල!

රෂිකා හෙන්නායක ජුනි 02 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රුසියාව විසින් යුක්රේනය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කියෙව් ඇතුළු ප්‍රධාන නගර කිහිපයකට එල්ල වූ මෙම ප්‍රහාරවලින් සිවිල් වැසියන් දොළොස් දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

යුක්රේන බලධාරීන් කලින් අනතුරු අඟවා තිබූ පරිදිම රුසියාව විසින් මිසයිල සහ ඩ්‍රෝන යානා සිය ගණනක් භාවිතා කරමින් මෙම ආක්‍රමණය දියත් කර ඇත.

බලශක්ති සහ ප්‍රවාහන යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් සිදු වූ මෙම වර්ධනයත් සමඟ යුක්රේනයට ගුවන් ආරක්ෂක පද්ධතිවල පවතින අවශ්‍යතාවය දැඩි ලෙස අවධාරණය කෙරේ.

මේ අතරතුර, යුක්රේනය ද රුසියානු දේශසීමා ප්‍රදේශවලට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර දෙරට අතර ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව පෙනී යයි.

පවතින ගෝලීය දේශපාලන තත්ත්වය හේතුවෙන් සාම සාකච්ඡා අඩාල වී ඇති මොහොතක මෙම යුදමය වර්ධනයන් සිදු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නැගීඑන ශූරතාව දිනාගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින්...

රජයේ ආධාර මත ඉදිකරන ලද නව නිවාස රැසක් ජනතා අයිතියට..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: 2026 වර්ෂයේදී රජයේ ආධාර...

රාජ්‍ය අරමුදල් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනපති!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති කඩිනම්...

කයිරෝ අධිවේගී මාර්ගයේ ඉන්ධන බවුසරයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 31ක් ජීවිතක්ෂයට(VIDEO)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 26: ඊජිප්තුවේ අගනුවර...