සටහන: සශිකලා මධුෂාණි
ජුනි 02: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියාව විසින් රුවන්ඩාව සමඟ නව න්‍යෂ්ටික සහයෝගීතාවක් වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් (MoU) මැයි 19 වන දින කිගාලි හි පැවති න්‍යෂ්ටික බලශක්ති නවෝත්පාදන සමුළුවේදී අත්සන් කර තිබේ.
එහිදී රුවන්ඩාවේ රජය තාක්ෂණය, නවෝත්පාදනය සහ දියුණු සෞඛ්‍ය සේවා සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් වීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත.
මේවන විට සැලැස්ම එහි මුල් අවධියේ පවතින අතර දැනට, රුවන්ඩාව න්‍යෂ්ටික ඉංජිනේරු වැඩසටහන් සඳහා සිසුන් රුසියාවට යවමින්, දේශීය තාක්ෂණික ධාරිතාව සඳහා අඩිතාලම දමමින් සිටීයි.
යෝජිත මධ්‍යස්ථානය අවසානයේ පර්යේෂණ ප්‍රතික්‍රියාකාරකයක්, රසායනාගාරක් , පුහුණු පහසුකම් සහ න්‍යෂ්ටික වෛද්‍ය යටිතල පහසුකම් සපයනු ඇත. රුවන්ඩාව විසින් ඇතිකර ගනු ලැබූ මෙම නව ගිවිසුමත් සමඟ අප්‍රිකාව පුරා භූ දේශපාලනික සමතුලිතතාවයේ ගැඹුරු වෙනසක් පෙන්නුම් කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

