සනත් ජයසූරියගේ මව බ්‍රීඩා ජයසූරිය අභාවප්‍රාප්තවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 03 , කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ මව වන බ්‍රීඩා ජයසූරිය අභාවප්‍රාප්ත වී තිබෙන අතර ,මිය වන විට  ඇය වයස අවුරුදු 80 වැනි වියේ පසුවිය.

ඇය සිය උපන් ගම වන මාතර පෞද්ගලික රෝහලකදී මිය ගොස් තිබෙන බව පැවසේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් ඇමරිකාවට ගොස් සිටි සනත් ජයසූරිය එම පුවත සැලවීමත් සමඟ යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේ මෙම දුෂ්කර අවස්ථාවේදී ඔහු නැවත සිය පවුලේ අය සමඟ සිටින බවයි.

අවසන් කටයුතු ලබන බදාදා මාතරදී සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...