මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ගමන් ගත් ජිප් රථය යතුරුපැදිය ගැටී අනතුරක්!

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 03 , කොළඹ (LNW): අද (03) අලුයම 4.00 ට පමණ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙනිය හංදිය අසලදී , සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ගමන් ගත් ජිප් රථය යතුරුපැදිය ගැටී යතුරුපැදිකරු තුවාල ලබා ඇතැයි නිට්ටඹුව  පොලිසිය සඳහන් කරයි.

මන්ත්‍රීවරයා රැගත් රථය  මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කරද්දී  ජීප් රථය මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පැවසේ.

මෙම අනතුරින් මන්ත්‍රිවරයාට හෝ එහි ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර යතුරු පැදිකරු  පමණක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා  වතුපිටිවල මූලික  රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන් වේ. නිට්ටඹුව  පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...