ඉතාලියේ එට්නා ගිනි කන්දේ දැවැන්ත පිපිරීමක්(video)

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉතාලියේ සුප්‍රසිද්ධ එට්නා ගිනිකන්දේ දැවැන්ත පිපිරීමක් සිදුව ඇති බව ඉතාලියේ ජාතික භූ භෞතික විද්‍යා හා ගිනිකඳු විද්‍යා නිරීක්ෂණාගාරය නිවේදනය කර තිබේ.

එට්නා කන්ද ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කඳු වලින් එකක් වන අතර 2014 සිට මෙතරම් විශාල පිපිරීමක් සිදුවී නොමැති බව නිරීක්ෂණාගාරය පවසයි.

ගිනි කන්ද පුපුරා යන අවස්ථාවේ එහි සංචාරකයන් 40ක් පමණ සිට ඇති අතර එහි සියලුම සංචාරකයින් සහ කඳු නගින්නන් ආරක්ෂිතව ඉවත් කර තිබේ.

ඉතාලි දූපතේ ඇති ගිනි කන්ද වසරකට මිලියන 1.5 ක ජනතාවක් සංචාරය කරන ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එහි මුදුනට යන තෙක්ම පාහේ ගමන් කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...

හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන...

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...