(VIDEO):ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් යන්න හදන්න එපා.ඇමති කංචනගේ හදිස්සියට විමල්,වීරක්කොඩි සහ දයාසිරිගේත් විරෝධය

Date:

කොළඹ LNW: විදුලි බල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ඇතැම් කරුණු ජනමත විචාරණයට ලක්කළ යුතු බවත් තවත් කරුණු පාර්ලිමේන්තුවේ බහුතරයකගේ අනුමැතියට යටත්විය යුතු බව පවසා ඇති අතර පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයන කිරීමට කාලයක් අවශ්‍ය හෙයින් ඇමතිවරයාගේ හදිස්සියට පනත විවාදයට නොගන්නා ලෙස අද (04) පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ,චන්දිම වීරක්කොඩි සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරු අවධාරණය කළේය.

මෙය රටේ බලශක්තිය පිළිබඳ ප්‍රශ්නයක් වන හෙයින් එහි අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදුවන්නේ රටේ අනාගත පරපුරට බවයි මෙහිදී මන්ත්‍රීවරු පෙන්වාදුන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය වන සමානාත්මතාවට පනත පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇති පසුබිමක එවැනි බැරෑරුම් තීන්දුවක් මෑත කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර නොමැති බවද චන්දිම වීරක්කොඩි මහතා කියාසිටියේය.

ඒ අ නුව මහජනතාවගේ අයිතීන් ආරක්ෂා කරගැනීමට හැකිවන පරිදි පනත සංශෝධනය කිරීමට ඉඩදෙන ලෙසයි මන්ත්‍රීවරු වැඩිදුරටත් අවධාරණය කළේ.

මෙම විදුලි බල පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ගත යුතු සංශෝධන ඇතුළුව සංශෝධන 12ක් ඉදිරිපත් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...