අලුත් අවුරුද්දේ ජනතාව තෙල් පෝලිමේ තබා සිදුකළ ඉන්ධන ජාවාරම හෙළිවෙයි! (VIDEO)

Date:

විශේෂයෙන් පසුගිය අප්‍රේල් 11 වැනිදා සිට 18 වැනිදා දක්වා වන කාලය තුළ රට තුළ පැවති දැඩි ඉන්ධන හිඟය ව්‍යාජ හිඟයක් බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේය.

ඉන්ධන ලීටර ලක්ෂ 4ක් පමණ ඉන්ධන පිරවුම්හල් වෙත නොයවා ව්‍යාජ ආයතන වෙත නිකුත් කර ජාවාරමක් සිදුකර තිබෙන බවයි ඔහු අද (04) හෙළිදරව් කළේ.

එම ඉන්ධන තොගය සාමාන්‍ය පිරවුම්හල් 50කට 60කට බෙදා හැරීමට තිබුණු අතර එලෙස සිදු වූවා නම් එදා ජනතාව එලෙස අසීරුවට පත්නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර සාමාන්‍ය දිනකදී ඉන්ධන ප්‍රවාහන සඳහා ටැංකි රථ 250 -300 ක ප්‍රමාණයක් සේවයට වාර්තා කළද එය මේ වන විට 100 – 150ක් දක්වා අඩු වී ඇති අතර ඊට හේතුව ඇනවුම් ප්‍රමාණයේ අඩුවක් බව හෙතෙම සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල් වෙතින් අවශ්‍ය පරිදි ඇනවුම් සිදුකළද සංස්ථවෙන් නිකුත් කරන ප්‍රමාණයේ අඩුවක් සිදුවීම ඊට හේතුව බවයි සිල්වා මහතා කියාසිටියේ.

රට තුළ පවතින ඉන්ධන තොගවල අඩුව නිසා එවැනි තීරණයක් ක්‍රියාත්මක විය හැකි බව ඔහු පෙන්වාදුන්නේය.

ඒ අනුව මේ වන විට 50%කින් 60%කින් ටැංකි වෙත ලබා දෙන ඉන්ධන ප්‍රමාණය අඩු වී ඇත.

ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් සොයා ගැනීමේ අපහසුවක් පවතින අතර වසරකට පොහොර ආනයන සඳහා ඩොලර් මිලියන 600ක් වය වෙද්දී ඉන්ධන ආනයනය සඳහා මාසයකට ඩොලර් මිලියන 500ක් පමණ අවශ්‍ය වන බව අගමැතිවරයා සමඟ පැවති සකච්ජාවේදීද කියවුන බවයි සිල්වා මහතා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...