රෂිකා හෙන්නායක ජුනි 04, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 5 වන ස්ථානය දක්වා ඉහළට පැමිණෙමින් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කරගෙන ඇත. ඒ සඳුදා (01) මොරොක්කෝවේ පැවැති ‘Rabat Diamond League’ තරගාවලියේදී මීටර් 85.97ක දුරක් හෙල්ල විසි කරමින් රිදී පදක්කම දිනා ගැනීමත් සමඟයි.
ඔහු දැනට ලබාගෙන ඇති සාමාන්‍ය දක්ෂතා ලකුණු ප්‍රමාණය 1,287ක් වන අතර, ඒ අනුව ලොව දක්ෂතම ක්‍රීඩකයන් පස්දෙනා අතරට එක්වීමට ඔහු සමත්ව ඇත.
ලෝකයේ ප්‍රමුඛතම ක්‍රීඩකයන් පස්දෙනා පෙළගැසී ඇති පිළිවෙල මෙසේය.
1 ජූලියන් වෙබර් (Julian Weber)- ජර්මනිය
2 ඇන්ඩර්සන් පීටර්ස් (Anderson Peters)- ග්‍රෙනඩාව
3 කෙෂෝන් වෝල්කොට් (Keshorn Walcott)- ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
4 නීරාජ් චොප්රා (Neeraj Chopra)- ඉන්දියාව
5 රුමේෂ් තරංග (Rumesh Tharanga)- ශ්‍රී ලංකාව
මෙම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය ජර්මනියේ ජූලියන් වෙබර් විසින් හොබවන අතර රුමේෂ් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ප්‍රභූ ලැයිස්තුවට ඇතුළත් වූ එකම ක්‍රීඩකයා වේ. මෙය ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු තැබූ සුවිශේෂී සන්ධිස්ථානකි.



